10

207 15 0
                                    

"ක්ශේම....බය වෙන්න එපා"

"කොහොමද බය නොවී...ඔයා ඔයා ඔයා මගේ ඔයා මගේ...."

ඒත් එක්කම ආපු සද්දෙත් එක්ක හැමෝගෙම අවදානය වෙනත් පැත්තකට යන්න වැඩි වෙලාවක් ගියෙ නෑ...

"යුව රජ තුමනි සැරදේවා!!!"

සුර ලෝකෙන් ආපු සුරයේ තමන්ගේ රථ සූදානම් කර ගෙන සේනා සන්නධ්දව ආවෙ ක්ශේමව අරගෙන යන්න.මුලු දිව්‍ය තලයෙම යුව රජු වුණු ක්ශෙම අසුර රජුන් හා එක් වීමෙන් හිරු සදු ද්විත්වයම අසුර රාජ්‍ය සතු වීම වැලැක්වීම තමන්ගේ අභිලාශය කර ගත්ත සුරයො සර්වේශගෙන් යුවරජුව එහෙමත් නැත්නම් ක්ශේමව ගලව ගන්න කරන්න පුලුවන් ඕනම දෙයක් කරන්ම සූදානමිනුයි ඉදියෙ....

"ඔයාලා..."

"සමාවෙන්න යුව රජුනි ඔබ අප හා එක් වීමට අවශ්‍යයි..."

"ඇයි මම එහෙම එන්න ඕනෙ..."

"මේ අසුරයෙක් ඔබට බෑ අසුරයෙක් එක්ක එකතු වෙන්න එය සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක්..."

"හොද නරක තීරණය කරන්න ඔයාලා කවුද?"

"අපි යුවරජුන්ගේ සේවකයො...අමුනුස්සයෙක් හා එක්වෙන්න එපා ඔබට මිනිසුන්ට සෙත සලසන්න ඉඩ තියෙද්දි ඇයි අමුනුස්සයෙක් එක්ක එකතු වෙලා පව් පුරාවගන්නේ..."

"ඒක මගේ තීරණයක් මාව බලෙන් කාටවටත් අරගෙන යන්න බෑ අනිත් එක මම ඒක තීරණය කරලා ඉවරයි මම කාත් එක්ක ද ඉන්න ඕනෙ කියලා...."

සුරයන්ට පිටුපාලා ඉදපු ක්ශේම එහෙම කියද්දි සුරයන්ට තව දුරටත් මෙලෙස මෙය ගෙන යාමට නොහැකි බව සනාථ වෙන්න පටන් ගත්තා...කොහොම හරි ක්ශේමව තමන් ගේ යටතට ගැනීම ඒකායන අරමුණ කර ගත්ත ඔවුන්ට ක්ශේමගේ සිතුම් පැතුම් ගැන මොනමාකාරයේ හෝ උනන්දුවක් තිබුනේ නෑ.....

"එහෙනම් අපට සමාවෙන්න යුවරජුනි...
අල්ලගන්න ඔහුව..."

ක්ශේමව පසාරු කරගෙන යන්න තරම් තියුණු හී පාරවල් එල්ල වෙද්දි සර්වේශ ඒ වලින් ක්ශේමව බේරගන්න ඉස්සරහට පැන්නේ සර්වෙශව බේර ගන්න ඒ වුනාට.....සර්වේශගෙ පැත්තට ආපු හැම හීයක්ම රිදී පාට සමනල්ලු බවට පරිවර්තනය වෙන්න ගත වුනේ තප්පරේකටත් අඩු කාලයක්...උපාය ශීලිව සර්වේශට පිටිපස්සෙන් ආපු හීපාර ක්ශේමගේ ඉදිරියට ආපු මොහොතෙදි සුදු පැහැති රෝස මලක් බවට පරිවර්තනය වුනේ ඔවුනොවුන් ගේ තිබු අභ්‍යන්තර ජීව ශක්තිය කොතරම් ද යන්න පෙන්නුම් කරමින්...

නිමක් නැති.🔞Where stories live. Discover now