8

237 22 4
                                    

තුහාන් එහෙමත් නැත්නම් ක්ශේම කියන්නෙ සර්වේශ අසුර වර්ගයේම බලවන්තයාගේ ආදරණීය ආත්ම සහකරුවා වන අතරම ඔවුන් එකිනෙකා හදුනා ගැනීම ආරම්භවීම පවා සිදුවන්නෙ තුහාන් අපේක්ෂා නොකරන පරිදියි.ඇත්තටම තුහාන් කියන්නෙ හරිම සරල ජීවිතයක් ගත කරපු තරුණ ගැටවරයෙක් කියන එක මේ වෙද්දි ඕනම කෙනෙක්ට පැහැදිලියි.සර්වේශ එහෙමත් නැත්නම් සර්ව අනෙකුත් යක්ශ ආත්මයන්ට වඩා හාත්පසින්ම වෙනස් වෙනස් අසුර වර්ගයකට හිමිකම් කියයි.මන්ද සාමාන්‍ය ‍යක්ශයින් යැයි සම්මතයට හාත්පසින්ම වෙනස් වූ ආකාරයේ මෙන්ම මහත් ගුප්ත වූ ජීවිතයක් ගත කරයි.එය තේරුම් ගැනීමට පවා අපහසුයි.
ඔවුනොවුන් ආදරයෙන් බැදෙන ආකාරයත් ඔවුන් ඔවුන්ගේ ජීවිතවල අභියෝගයන්ට මුහුන දෙන ආකාරය කෙලෙස වෙද???

_____________________________________
සර්වේශ,තුහාන් ව ඇද උඩින් තිබ්බෙ හරියට අපි මලක් තියනව වගේ පරිස්සමෙන්...තුහාන්ගේ හිත නම් කෑ ගහන එක අහන් සර්වේශ කොහොම අහන් ඉන්නවද කියලා නම් හිතා ගන්න බෑ.මොකද එච්චර ලස්සන හිතක් නේ අපේ තුහාන් කොලුවට තියෙන්නෙ...

"කෑ ගහන්න එපා අනික ඔච්චර මට බනින්නත් එපා..."

"බනින්න නෙවෙයි වටින්න මාව මොකෙක් හරි උස්සන් ගියා නම් එතන තනියම දාලා ඇවිල්ල මෙතන තව කියවනවත් එක්ක...ඇලුමිනියම් සමනලයා"

"අපෝ බය වෙන්න එපා වගකිමෙන් කියන්නෙ ඔයාව කවුරුත් උස්සගෙන යන්නෙ නෑ..."

"දන්න මගුල තමා මම වගේ සුකුමාල මනලෝල කිරිගරුඬ වැනි රුවක් ඇති කිංකිනි නාද හා සම ....
ඇයි ඇයි ඇයි හිනා වෙන්නෙ..."

"මුකුත් නෑ කෝ එන්න දගලන්න එපා..."

සර්වේශට එයාගෙ කිංකිණි හඩ ගැන කියද්දි හිනා යන එක ගැන ඉතිං අයේ කතා කරන්න දෙයක් නම් නෑ කොහොමත් හිනා වෙනවා ඇරෙන්න කරන්න දෙයක් නම් කොහොමත් ඉතිරු නෑ...

"මේ එක නෙවෙයි ඔයාට කැප නෑ කියලා කිව්වෙ....මෙහෙට අඩිය තියන්න....එතකොට දැන් කැපයි ද?"

"ඔයාගේ පවුලේ අය කවුරුත් නෑ මෙහෙ ඒ නිසා අඩු වංශ වල අය මෙතන නෑ මට එන්න පුලුවන්...."

"ඇයි එහෙම....."

"දැන් වෙලාව නවයයි එන්න දැන් දගලන්න එපා නිදා ගන්න...."

නිමක් නැති.🔞Onde histórias criam vida. Descubra agora