17

154 9 0
                                    

මීශ පුලුවන් තරම් ඉක්මනින් මහීමව වෙට් එක්කාට අරන් යද්දිත් මහීම ඉදියෙ අමාරුවෙන් වෙට් එකට ගිය ගමන් නරි පැටියෙක් උස්සන් යන්න වෙච්ච එක ගැන කවර කතා ද අනිත් එක ලංකාවෙ නරියෙක් ඇති කරනව කිව්වම සීයට එකකටත් අඩුයි නෙ ඉතිං.

"මෙයාට මොකද්ද වුනේ?"

"වාහනේකට හීරිල"

"හීරිලා!"
ඩොක්ටට එක පාරට මොකද්ද වුනේ කියලා හිතා ගන්න බැරිවුන එක එක අතකට සාදාරනයි මොකද ඉතිං සත්තුන්ව සීරෙන්න විදියක් නෑ එක්කො වාහනේකට යට වුනාම අත පයකට මොකක් හරි වෙනව එහෙමත් නැත්නම් ඉතිං...

"අහ්හ් නැ නැ නෑ ඩොක්ට මෙයාව මගෙ යාලුවෙක් අරන් ඇවිල්ල තිබ්බෙ පාරෙ ඉද්දි..."

"ඒ කියන්නෙ මෙයා ගෙදර ඇති කරන කෙනෙක් නෙවෙයි ද?"

"නෑ"

"ඔයාලා කොහොමද එච්චර රිස්ක් එකක් ගත්තේ...මෙයා ඔයාව හැපුවනම් එහෙම ඔයාට ඉන්ජෙක්ශන් එක්ක ගහන්න වෙනව."

"ඩොක්ට මෙයා අමාරුවෙන් ඉන්නෙ විස්තර අහන්න පස්සෙ මේ සතාට මොනාවත් වෙන්න බැරි නිසයි මෙහෙට ගෙනාවෙ"

"හරි මම කිව්වෙ ඔයාගෙ ආරක්ශාවට.අපි මෙයාව ස්කෑන් කරලා බලන්නම් ඔයාට පැයක් විතර ඉන්න වෙයි.කැමති නම් එලියෙන් ඉන්න නැත්නම්-"

"කමක් නෑ ඩොක්ට මම මෙතනට වෙලා ඉන්නම්"
මහීම ට කරදරයක් වෙයි කියන බයට මීශ එයා ලගින් හෙල්ලුනේ වත් නෑ.දැන් සතෙක් විදියට හිටියට මහීම මනුස්සයෙක් විදිහට මීශට නිතර නිතරම මැවිල පෙනුනා.ඉතිං කැලෑ සතෙක්ට සලකන විදිහට සලකන්න කිසිම වුවමනාවක් හෝ අවශ්‍යතාවයක් මීශට තිබුනේ නෑ...
(එක අතකට මේ නරියොන්ට තියෙන්නෙත් මහ කපටි බැල්මක්)
මීශට එහෙම හිතුනෙ වෙන හේතුවක් නිසා,නෙවෙයි කදුලු පුරවන් බලාගෙන ඉන්න නරි පැටියා නිසයි.ඒ මදිවට එයාගෙ අතකුත් උඩට දික් කර කර අත ඉල්ලන මහීමගේ නරි අතකින් අල්ල ගත්තේ මහීමගේ පශ්චාත් භාගයට ඉන්ජෙක්ශන් එකක් ගහන්න යනව කියලා දැක්ක නිසයි...

"මෙයා වයිල්ඩ් නිසා අපිට රිස්ක් එක ගන්න බෑ ඒ නිසා දෙපාර්ශවේම හොදට අපි නිර්වින්දන බෙහෙතක් එන්නත් කලා..."

නිමක් නැති.🔞Where stories live. Discover now