✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 7 🌙✨

85 11 6
                                    

සේහියා චේන්ජ් කරගෙන ආවත් ජන්කුක් හිටියෙ නැ ඩාන්සින් රූම් එකෙ.

"මූ මොන තූත්තුකුඩියක ගියාද ඒ පාර"

සේහි ඩාන්සින් ට්‍රැක් එක දාලා අනිත් ලමයින්ට ප්‍රැක්ටිස් කරන්න කියලා ක්ලාස් රූම් එක පැත්තෙ ගියා එයාගෙ නමට අද ප්‍රසන්ට් දාගන්න.
ක්ලාස් ටීචත් ඇහුවම මොකද පරක්කු කියලා සේහියා කලින් තැන්වලට කිව්ව වගෙ ඔහේ කටට එන එකක් කියලා දැම්මා. ඊටපස්සෙ ඉතින් සේහි ලගට දුවන් ආවෙ එයාගෙ අතිජාත මිතුරිය යෝශි.

"සේහියා....."

"ආහ් ශුඩු නෝනා..."

"මොකද අද තමුසෙ පරක්කු.."

"හයියො විසාල කරදරයක් උනානෙ මේක😒 දැන් මට කියලම ඇති වෙලා.."

"යකො මේකිගෙ ලයින්. කියන්න බැරිනම් නිකන් ඉදපන් මනුස්සකමට ඇහුවෙ."

"හාරි හාරි මං නිවි සැනසිල්ලෙ කියන්නම් පස්සෙ. මොකද යකු මූන හට්ටියක් කරගත්තෙ."

"අනෙ මෙ යනව යන්න. දැන් තමුසෙ ඩාන්සින් රූම් එකට ගිහින් නටල එනකන් තනියම ඉන්න එපැයි මං."

"ඒක තමයි කිව්වෙ යමන් නැටුමකට දාලා දෙන්නම් කියලා. නටන්න පුලුවන් කම තියෙද්දි ඉන්නව මෙතන පුටු රත් කර කර."

"අනෙ බන් මට බැහ්. මට කට්ටියක් ඉස්සරහ නටන්න බැ කියලා දන්නොනෙ. "

"උබත් හරියට අපෙ ජන්කුක්ගෙ පාට්නර්ට හිටපු කෙල්ල වගෙ."

"එ මොකො."

"එ කෙල්ල හරි අහිංසකයි. ඉතින් කපල් ඩාන්ස් එකෙදි ජන්කුක් එක්ක නටනකොට එ කෙල්ලට ලැජ්ජයි වගෙ."

"ඉතින් මොකද ඒක ඩාන්ස් එකක්නෙ."

"ඒක තමයි කියන්නෙ. ඊටපස්සෙ අපෙ එකත් කියනො මට බැහ්ලු එ කෙල්ල එක්ක නටන්න. ට්‍රැක් එක පටන් ගන්නකොටම ඒකිට දාඩිය දාලා කලන්තෙ දාන්න වගෙ යනවලු😂"

"අනෙ පව්.."

"එ කෙල්ල නෙවෙයි දැන් මමයි පව් 🤧"

"එ පාර මොකද."

"මාව දැම්මා කුකීගෙ පාට්නර් විදියට 😫"

"😂😂😂 ඉතින් හොදයිනෙ බන්. අයියනේ"

"අනෙ උගෙ හැටි මමනෙ දන්නෙ. හරි හරි මෙ මං දැන් යනව. "

•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨  (Ongoing)Where stories live. Discover now