✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 12 🌙✨

74 11 19
                                    







කුකී!!!

ටේ කඩිමුඩියෙ දුවන් ඇවිත් රූම් එකෙ දොර එහාට කරනවා එක්කම කුකී ඇගිල්ල කටට තියලා සද්ද කරන්න එපා කිව්ව.. පව්... සේහියාට අඩල අඩලා කුකීගෙ තුරුලෙම නින්ද ගිහින්.. ටේට ඇහුන දේවල් එක්ක ඔලුව විකාර වෙලා තියෙද්දි එහෙම්ම කුකී ලගට ගිහින් එ උනුහුමෙ ගුලි වෙලා ඉන්න සේහියා දිහා බලාගෙනම එයත් ඇදෙන් වාඩි උනා. කුකීට එහා පැත්තෙන්.. කුකී කට පුරා හිනාවකුත් දාගෙන හිටියෙ ටේ ගිහින් ඔම්මගෙන් සේහිව නවත්තගන්න අවසර අරන් කියලා හිතාගෙන.

"සද්ද කරන්න එපා ටේ.. අඩලා අඩලම නින්ද ගියා. මොනාද ඔම්මා කිව්වෙ."

"ඔයාට අමාරු ඇතිනෙ. දෙන්නකො මං තියාගන්නම්"

"එපා ටේ..  මට අමාරු නැ මෙහෙම හිටපුවාවෙ.. දැන් ඔයාගෙ ලගට ගත්තොත් ඇහැරේවි"

"ඇහැරෙන එකක් නැ.. දෙන්නකො කුකී.. හෙට මෙයා ගියාම ආයෙ කාලෙකින් අපි ලගට එන්නැහ්නෙ"

ටේගෙ ඇස් දෙක යන්තමින් තෙත් වෙලා තියෙනවා කුකී දැක්කා. ඔම්මලා එක්ක කතා කරන්න ගියපු ටේගෙ මූන මැලවිලා තියෙනකොට හෙට සේහි යනව කියන පනිවිඩෙ කුකීට ඇහෙනකොට කුකී ටේගෙ දිහා බැලුවා.


"ඒ... ඒ. කියන්නෙ... සේහි නවතින්නෙ නැද්ද ටේ. ඔම්ම කිව්වද සේහිව නතරකරගන්නැ කියලා.?"

"ඔම්මලත් කැමැත්තකින් නෙවෙයි කුකී සේහිව යවන්නෙ. මං ඔම්මල එක්ක කතා කරෙ නැ.. ඒගොල්ලො කතා කරපුව ඇහුනා. සේහි ඉන්නෙ අනතුරක කුකී"


සේහි දිහා බලාගෙන එයාගෙ ඔලුවත් අතගාන
ගමන් කිව්ව ටේ ඊලගට ජන්කුක්ගෙන් සේහිව තමන්ගෙ ලගට ගත්තා. ඒ ගන්නකොට නින්දෙන්ම හෙමීට කෙඳිරි ගාපු සේහි "අ....අ. අනේ... ය්... යන්න.. බෑ ඔම්මා..ම්ම්" කියනවත් එක්කම ටේ ඒ කම්මුලක් සිපගෙන හිමීට උරහිසට තට්ටු කරාම සේහිට ආයෙ නින්ද ගියා. ඒත් ජන්කුක්ට හිතාගන්න බැරි මොකද්ද සේහිට තියෙන අනතුර. ඔම්මලා මොනා කියනවද ටේට ඇහුනෙ.

"මොකද්ද ටේ.. මොකද්ද සේහිට තියෙන අනතුර. බය කරන්නෙ නැතුව කියන්නකො"

•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨  (Ongoing)Where stories live. Discover now