✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 8 🌙✨

89 13 9
                                    

18+ warning 💢⚠️

In the past few years ago

ඝන වනාන්තරයෙ ඇතුලට වෙන්න තිබ්බ කන්දක් මුදුනෙ ඉදලා වැටෙන ලස්සන දිය ඇල්ල දිහා හැගීම් විරහිත දෙනෙතකින් බලාගෙන වාඩිවෙලා ඉන්න එක දේහදාරි පිරිමියෙක් ලගට තවත්වගේම පිරිමියෙක් ආවා

"මං බය උනා සෝහෙන්. මොකද්ද මෙතන කරන්නෙ"

"ජූන් මට තනියම ඉන්න දෙන්න. මං මුකුත් කරගන්නැ බය වෙන්න එපා. පැක් එකෙ අනාගතෙ තියෙන්නෙ බාරගන්න තියෙන්නෙ මට. ඒ වගකීම කවදාවත් මං මගාරින්නෙ නැ."

"මොනව කිව්වත් මට උබව මෙතන තනියම දාලා යන්න බැ. මං තමයි පැක් එකෙ ඔටුන්න හිමි කුමරුගෙ වගේම රාජධානියෙ ප්‍රධාන ආරක්ෂක කියලා හැමවෙලේම මතක් කරන්න ඉඩ තියන්න එපා සෝහේන්.."

"ආහ්.. මගෙ ඔලුව රිදෙනව ජූන්. මට මගෙ මේට්ව ඕනෙ."

"තවත් ඒ ගෑනිගෙ මතකෙ පස්සෙ වැටීගෙන ගිහින් වැඩක් නැ සෝහේන්. දෛවයට අනුව මේට් බැඳීම ඇති උනාට එ ගෑනි උබට ආදරෙ නැ.. උබ තේරුම් ගනින් ඒක දැන්වත්. ඒකි දැන් වෙන මිනිහෙක් එක්ක."

"කටවහගන්නව ජූන්. කොච්චර වැරදි උනත් එහෙම කතා කරන්න එපා. ඒ මගෙ ලූනා."

"මට සමාවෙයන් සෝහේන්. ඒත් ලූනා කියන වචනෙනම් එ ගෑනිට කොහෙත්ම ගැලපෙන්නැහ්."

"ආහ් ජූන් මගෙ ඔලුව.. මගෙ ඇගත් දනවා වගේ. මට මොකද්ද මේ වෙන්නෙ.. ඒක ඒක.. ආහ් ඒක මගෙ මේට්ගෙ සුවඳ.. ල්..ලැවෙන්ඩර් සුවද.. "

"සෝහෙන්.. සෝහෙන්. ඔයාට අමාරුද. අපි යමු මෙතනින් නැගිටින්න."

"නැ නැ. ඔහොම ඉන්න මට ලැවෙන්ඩර් සුවදක් එනවා.. ම්..මගේ කකුල් පන නැති වෙනව වගේ.. ආආආහ්හ්.. මේ හරියෙ කවුරුහරි ඉන්නවද බලන්න ජූන්.."

"ඔහොම ඉන්න.. ඔය ගල උඩින් හිමිට හාන්සි වෙන්න මං බලලා එන්නම්."

නම්ජූන් එතනින් නැගිටලා කැලේ පැත්තට ඇවිදගෙන ගියෙ කවුරුහරි ඉන්නවද බලන්න. ඒත් ගඟ ලග සිහිය නැතුව වැටිලා ඉන්න කාන්තාව දැක්කම ජූන් එතනම ගල් ගැහුනා.

•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨  (Ongoing)Where stories live. Discover now