✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 9 🌙✨

77 9 18
                                    






Back to the present

"ටේ.. ඇයි ටේ මොකද මේ. අනේ ඔම්මා ටේව බලන්නකෝ. "

"ටේ.. ටේහ්‍යුන්.. මොකද උනේ පුතේ."

"අහ් ඔම්මා මගෙ ඔලුව කැරකෙනවා වගෙ. මොකද්ද.. මොකද්ද.. ඒ සුවඳ. ආආආආර්ර්ග්ග්."

"සේහි.. ඔයා එහාට යන්න. යෝශි අනෙ දරුවො මෙයත් එක්ක කාමරේට යන්න."

සේහිට මෙ වෙන දේ ගැන කිසි තේරුමක් තිබ්බෙ නැ. එයා ටේ ගැන ගොඩක් බය වෙලා හිටියේ.

"අනෙ බැ ඔම්මා. මට ටේ ගාවින් ඉන්න ඕන. එයාට මොකද්ද වෙලා තියෙන්නෙ."

"කිව්වම එක සැරයක් අහන්න සේහි. දැන් ඔම්මා කිව්වනෙ. යන්න ඔයාගෙ කාමරේට."

නම්ජූන් ටිකක් සැරෙන් කිව්වම සේහි කඳුලු පුරවගෙන යෝශිවත් පැත්තකට කරලා දුවගෙන ගියා. යෝශිත් ඒ පස්සෙන් වැටිලා සේහිගෙ කාමරෙ පැත්තට ගියා. යෝශි දන්නව මෙ මොකද්ද වෙන්න යන්නෙ කියලා. ටේට එයාගෙ මේට්ව හම්බෙන්න වගෙ යන්නෙ.

"ඇයි..  ඇයි එයාලා මට මුකුත් කියන්නැත්තෙ යෝශි."

"බන්. එතන කියන්න තරම් දෙයක් උන්නැහ්නෙ."

"උබත් මට බොරු කියන්න එපා. ප්ලීස් කියන්න මොකද්ද ඒ උනෙ කියලා"

" අයියො මං මොනා කියලා කියන්නද සේහි.. ම්ම්ම්.. මෙහෙමයි... ඔයා හිතාගන්න ඒක කාලෙකට එන අසනීපයක් වගෙ එකක්. හෙට වෙද්දි හරි යාවි අනිවාරෙන්. හෙට නෙවෙයි තව ටිකකින් උනත් හරි යාවි"

"මොකද්ද ඉතින් අසනීපෙ. "

"එහෙම කියන්න තේරෙන්නැ බන්. එක පාරට ඔලුව රිදෙන්න ගන්නව.. එහෙම.. "

"ඉතින් ඇයි මාව ඈත් කරේ.. මම හිටියම මොකද්ද වෙන්නෙ."

"ඒ වෙලාවට ටේට වඩා එයාගෙ වුල්ෆ් බලවත් වෙනවා සේහි. ඉතින් වුල්ෆ්ට ඔයාව අදුරගන්න බැරි උනොත් ඔයාට කරදරයක් කරන්න ඉඩ තියෙනවා. ඒකයි ඔම්මලා ඔයාව මෙහාට එවන්න ඇත්තෙ."

"ඉතින් යෝශි.. එ මගෙ අයියනේ අනේ"

යෝශිට සේහි ගැන අනුකම්පා හිතුනා. සේහිට ඇත්ත කියන්න හිතුනත් මෙ වාතාවරනෙ මත එයා ඒක තේරුම් ගන්න එකක් නැ කියලා හිතලා සේහිගෙන් ඇත්ත හැංගුවා. මේ අතරෙ පල්ලෙහා එක යුද්දයයි.

•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨  (Ongoing)Where stories live. Discover now