✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 34 🌙✨

89 14 26
                                    

"ඇයි සේහි..!! මොකද කැ ගහන්නෙ?"

"මේ.. මේ මොකද්ද?"

සේහිගෙ කෑ ගැහිල්ලට නම්ජූන් ලොක් කරලා තිබ්බ ස්ටෝරූම් එකට දුවන් ගියපු ජන්කුක්ටයි ටේහ්‍යුන්ටයි දකින්න ලැබුනෙ විශ්වාස කරන්න බැරි දෙයක්.

ස්ටෝරූම් එක ඇතුලෙ රහස් කාමරයක්?

ජන්කුක් ටේහ්‍යුන් දෙන්නා ඒකෙ ඇතුලට යනකොට සේහි ඉන්නවා පොතක් අතේ තියාගෙන ඒක දිහා බයවෙලා වගෙ බලාගෙන. ජන්කුක් ටේහ්‍යුන් දෙන්නා සේහි ලගට ගියා.

"මොකද්ද උනෙ.. මොකද්ද ඔය බලන්නෙ?"

සේහි එයා බලාගෙන හිටපු පිටුව ටේහ්‍යුනුයි ජන්කුක්තුයි ඉන්න දිහාට හැරෙව්වා. ඒත් ජන්කුක්ටයි ටේහ්‍යුන්ටයි ඒකෙ කිසි දෙයක් තේරුන්නැ.. ටේහ්‍යුන් ඒ පින්තූරෙ දිහා බලලා ඒක යටින් තිබ්බ එක හයියෙන් කියෙව්වා



 ටේහ්‍යුන් ඒ පින්තූරෙ දිහා බලලා ඒක යටින් තිබ්බ එක හයියෙන් කියෙව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"සඳ දෙව්දුවගේ ශක්තියෙන් නැවත පණ පොවන ලද බළල් මිනිස් ප්‍රාණය අනාවැකිවලට අනුව වයස දහඅට සපිරෙත්ම නැවතත් යට ගියාවූ වෘක බලය ඉහලට පැමිණෙනු ඇත..

ඇල්ෆාවරුන් දෙදෙනෙකුට දාව මොහුගෙ ශරීරයේ ප්‍රාණය පවතින්නෙ සඳ දෙව්දුවගේ ශක්තියෙන් වන බැවින් වෘක ස්වරූපය ලැබෙන්නෙ ඔහුගෙ පෙර බළල් ස්වරූපයේද ශක්තීන් හා තවත් බලවත් වෘක ශක්තීන් එකතු වීමෙනි.!"

සේහිගෙ අතේ තිබ්බ පොත අතට ගත්ත ටේහ්‍යුන් ඒකෙ තියෙන ඒවා කියවනකොට ජන්කුක් එ දිහා බලන් හිටියත් එ දෙන්නට ඒකෙ කිසි විශේෂයක් දැනුනෙ නැ..

•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨  (Ongoing)Where stories live. Discover now