✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 13 🌙✨

75 10 30
                                    


"ම්ම්ම්හ්හ්හ්... මං මෙ කොහෙද? ආව්හ්... මගෙ කකුල හිරිවැටිලා..."..."

සේහි උදේ ඇහැරෙද්දි ඇගට දැනුන බර ගතියත් එක්ක කකුල නෑ වගෙ දැනෙද්දි ඇස් දෙකත් පොඩි කර කරම ඇහැරලා බැලුවා.. එයා ඉන්නෙ ටේගෙයි කුකීගෙයි මැද වෙනකොට කුකීගෙ තඩි කකුලක් සේහිගෙ කකුල් දෙකටම වැටිලා අතක් සේහිගෙ බඩට උඩින් වැටිලා තිබ්බෙ.. සේහි හිටියෙ ටේගෙ අත් ගොබේකට ඔලුව තියාගෙන.. සේහි ඉක්මනට නැගිටලා ටේගෙ අත එහාට කරනවත් එක්කම සේහි ආයෙම ඇදට වැටුනෙ ජන්කුක් ඇදලා එයාව තුරුල් කරගනිද්දි.

"කුකී... ආහ්.. මං කොහොමද මේගොල්ලොන්ගෙ කාමරේ? අනේ අතාරින්න.. කකුලත් රිදෙනව මගේ..."

"ම්ම්ම්ම්... අ..අන්..නේ ට්. ටේ... දඟලන්න්....න.. එපා අනේ... ඔහොම්...ම ඉන්නකෝ"

"ටේ? ටේ නෙවෙයි කුකී මං... නැගිටින්න උදේ වෙලා.."

"අනේ ඔම්මා නිදාගන්න දෙන්නකෝ.. අද කොලේජ් යන්න බැ අනේ"

"ආයිශ්...!! අනෙ ටේ... ටේ.. නැගිටින්නකො"

"ම්ම්ම්හ්හ්හ්හ්. කව්ද"

"මං මං සේහියා.. නැගිටින්නකො.. මෙ කුකී මාව හිර කරගෙනනෙ"

"ඔහ්.. ඔයා නැගිට්ටද.. කුකී... කුකී අයින් කරගන්නව ඔය කකුල සේහිට අමාරුයි"

ටේ නැගිටලා සේහිගෙ ඇග උඩ තිබ්බ කකුල අයින් කරද්දි කුකී ආයෙම කකුල දාගෙන හොදට හරිබරි ගැහිලා නිදාගත්තා.  ඒ පාරනම් ටේ අත දිගෑරලා කුකීගෙ පස්සට එකක් හයියෙන් ගැහුවා.

"ආව්හ්... ඔම්මා"

"ඔම්මා පෙන්නනව මං දැන් උබට.. නැගිටිනවා"

"යාආආහ්.. මොකද අනෙ උදෙ පාන්දර බෙරිහන් දෙන්නෙ... ඕහ්...හම්මට.. අමතක උනානෙ. තමුසෙත් අපිත් එක්කනෙ ඊයෙ නිදාගත්තෙ.. අනෙ සොරි සොරි ඉතින් සොරි...

"හොරි හොරි තමයි.. මගෙ කකුල නෑ වගේ.. මොනාද කුකී කන්නෙ අලි මස්ද"

"අලි මස් නම් නෙවෙයි.. හැබැයි තව ටික දවසකින් කොටි මස් කන්න වෙයි මට🌚"

"කැහ් කැහ්"

ටේබල් එක උඩ තිබ්බ වතුර වීදුරුවෙන් වතුර බිබී හිටපු ටේට වතුර එකත් ඉස්මොලේ ගියා.. සේහි අමුතුවෙන් වගේ කුකී දිහා බලද්දි කුකී මුකුත් නොකිව්ව ගානට කොන්ඩෙත් අතින් හද හද ඇඳෙන් බැස්සා.. සේහි ටේගෙ පිටට තට්ටුවක් දාලා දැන් හරිද කියලා අහලා එහෙම්ම ටේගෙ ඔඩොක්කුවට වැටුනා..

•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨  (Ongoing)Where stories live. Discover now