✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 19 🌙✨

65 10 16
                                    

නොටිෆි එන්නෙ නැති අව්ලක් තියෙනො නේද ලමයි..🥺
මගේ announcement check කරන්න බබාලා..
සරූ" එකේ අප්ඩේට් දෙද්දි විතරයි නොටිෆි පේන්නෙ 😫💔
මං මේකත් announcement එක දාලා ආයෙම සරූ එකෙනුත් නෝට් එකක් අප්ඩේට් කරන්නම්..










"මේක... මේක නේද මං හීනෙන් දැක්කෙ.."

"සේහි.. සේහි කොහෙන්ද ඕක ගත්තෙ?"

හ්‍යුන්ජින් බාතෲම් එකෙන් එලියට එනකොට දැක්කෙ ටේබල් එක උඩ කොල පාටට දිස්නෙ ගහන මාලෙ.. ඒක දැක්ක විතරයි හ්‍යුන්ජින් කලබලෙන් සේහි ලගට වේගෙන් ආවා..

"ඔහොම නවතිනවා.. හ්‍යුන්ජින් මං කිව්වෙ ඔහොම නවතින්න කියලා"

"සේහි.. යනවා රූම් එකෙන්.. ඔයාට කිසිම අයිතියක් නෑ මගේ දේවල් අදින්න.. අනික.. අනික ඔය මාලෙ අල්ලන්න එපා!"

"හ්..හ්‍යුන්ජින්..!"

බිඳුනු කටහඩකින් සේහි එහෙම කියනකොට හ්‍යුන්ජින් අඩියට දෙකට සේහි ලගට ආවා. ඇවිත්  ඒ මාලෙ අරගත්තෙතෙ සේහි වෙන්නෙ මොනාද කියලා හිතාගන්න බැරුව ඇද උඩ වාඩිවෙලා ඉන්නකොට..

"සේහි... යනවා දැන්ම එලියට.."

"හ්‍යුන්ජින්... තවත් මේ ප්‍රශ්නවල පැටලිලා ඉන්න බෑ හ්‍යුන්ජින්... මගේ ජීවිතේ මං නොදන්න ගොඩක් දේවල් තියෙනවා.. හැම තැනින්ම කොටස කොටස දැනගෙන ඒවා හැමවෙලේම කල්පනා කරලා මං පිස්සෙක් වෙයි දෙයියනේ... 

ම්.. මේ මාලෙ මගෙ අම්මගෙ.. මට යන්තමට වගෙ මතකයි මේ මාලෙ මං ඇල්ලුවම දිස්නෙ ගහන එක.. මගෙ අම්මගෙ මාලෙ ඔයා ලගට ආවෙ කොහොමද හ්‍යුන්ජින්... තමුසෙ.. තමුසෙ ආවෙ මාව මරන්නද.. ආ.... කියනවා? මගෙ අම්මා කොහෙද කියනවා.."

සේහි හ්‍යුන්ජින්ගෙ හූඩි එකෙ දෙපැත්තෙන් අල්ලලා කෑ ගහන්න ගත්තා.. හ්‍යුන්ජින් සේහි ඇති තරම් කැ ගහලා ඉවරවෙනකන් බලන් ඉදලා කතා කරන්න ගත්තා..

"මේක මගේ අම්මගෙ සේහි..!!"

සේහිට ඉබේම හ්‍යුන්ජින්ගෙ හූඩි එක අතෑරුනා.. මොන කතා විශ්වාස කරන්නද, කාව විශ්වාස කරන්නද, කියලා හිතාගන්න සේහිට බැරි උනා.. එක පැත්තකින් ජියා නම්ජූන් දෙන්නා එයාගෙ ජීවිතේ ආරක්ශාවට කියලා ගෙදරින් පිට කරද්දි; තව කෙනෙක් එයාගෙ ඇත්තම අම්මගෙ මාලෙ තියාගෙන ඉද්දි; ඒ කෙනා ඒ මාලෙ එයාගෙ අම්මගෙ කියද්දි සේහි හිටියෙ ඔලුව විකාර වෙලා.. එයා මේ ඉන්නෙ ඇත්ත ලෝකෙද නැත්තං හීනයකද කියලා හිතාගන්න බැරුව සේහි හැම පැත්තෙන්ම අතරමං උනා.

•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨  (Ongoing)Where stories live. Discover now