✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 27 🌙✨

70 12 38
                                    

ඉස්සෙල්ලම චැප්ටර් එක අවසානෙ Author note එක කියවන්න පැටව්නේ. ඒවට අනිවාරෙන් උත්තර මට කියන්න.💕

❯❯ In the past

"සන්හි... සන්හි.. ඔයා ඉන්නවද? මේ මම."

"ආහ් සෝහේන්. එන්න එන්න. මං මෙ කෑම හදන ගමන් හිටියෙ."

"ම්ම්.. හොඳ සුවඳකුත් එනවා වගේ.. සන්හි. මෙහෙන් වාඩිවෙන්නකො. මට ඔයාට වැදගත් දෙයක් කියන්න තියෙනවා."

සන්හි තවමත් හිටියෙ එදා සෝහේන් සන්හිව එක්කන් ආපු ලී මාලිගේ, එහෙමත් නැත්තං වුඩ්න් පැලස් එකේ.. ඒක පැලස් එකක් කිව්වට මහා ලොකු එකක් නෙවෙයි. හරිම හුරුබුහුටි ගෙදරක් වගේ. හැබැයි කිසිම අඩුවක් නැතුව හැමදෙයක්ම ඒ පැලස් එක ඇතුලෙ තිබ්බා. සන්හිව රිජෙක්ට් කරපු එයාගෙ කලින් මේට්ගෙන් සන්හිව පරිස්සම් කරන්න සෝහේන් දිගටම සන්හිට ඒ වුඩ්න් පැලස් එකේ ජිවත්වෙන්න අවස්ථාව හදලා දුන්නා.

(just beautiful!! 🥹💜)

(just beautiful!! 🥹💜)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මොකද්ද සෝහේන්. මොකක්හරි ප්‍රශ්නයක්ද?"

"ම්ම්.. මෙහෙමයි.. ඔයා දැන් මාස එකහමාරකටත් වඩා මේ වුඩ්න් පැලස් එකේ හිටියනෙ.... ඒත් මට ඔයාව තවදුරටත් මෙහෙ තියන්න බැ"

සන්හිගෙ මූනෙ හිනාව නැතිවෙලා ගියා.

"ඒ ඇයි සෝහේන්.. මගේ අතින් මොකක්හරි වැරැද්දක්වත් උනාද?"

"නැ නැ එහෙම එකක් නෙවෙයි.. එ උනාට ඔයා දැන් මේකෙ ඉන්න ඕනෙ නැ."

සෝහේන්ට ඕන සන්හිව එයාලගෙ පැක් එකට එක්කන් යන්න. සන්හි තාම හිතන් ඉන්නෙ සෝහේන් කියන්නෙ නිකන් වුල්ෆ් කෙනෙක් කියලා. Red forest pack එකේ ඊලගට හෙඩ් ඇල්ෆා වෙන්න ඉන්නෙ තමන් එක්ක මාස ගානක් හොඳම යාලුවෙක් වගෙ හිටපු සෝහේන් කියලා සන්හි දන්නෙ නැ.

•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨  (Ongoing)Where stories live. Discover now