✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 39 🌙✨

96 12 19
                                    


රෝස මල් පෙති වැස්ස වැටෙන අතරෙ ජන්කුක් ටේහ්‍යුන් දෙන්නා සේහිගෙ තොල් හරි පරිස්සමට අල්ලන් හිටියා.. දැන් මේ ඉන්නෙ එයාලත් එක්ක කලින් හිටපු සේහි නෙවෙයි..

ඔහ් ගෝඩ්..!! මේ ඉන්නෙ වුල්ෆ්ලගෙ මූන්ගෝඩස්..!!!

විනාඩි ගානක් සේහිගෙ රෝස පෙතිවලටත් වඩා සිනිලු තොල් දෙකේ රැදිලා හිටපු ජන්කුක් ටේහ්‍යුන් දෙන්නා හෙමින් සේහිගෙන් ඈත් උනා.. සේහි තාම ඉන්නෙ අඩපන වෙලා.. එයාගෙ යෝධ පියාපත් දෙක මේ වෙද්දි ඇකිලිලා තිබ්බා..

සේහි ටේහ්‍යුන් ජන්කුක්ගෙන් ඇස් අහකට ගත්ත නම්ජූන් ජියා දෙන්නට දැකගන්න පුලුවන් උනේ තවත් ඇස් ලොකු වෙන දෙයක්.. මේ තුන් දෙනා මේට්ස්ලා වෙන අතරෙ මෙතන හිටපු තවත් හතර දෙනෙක් දෙනෙක් මේට්ස්ලා වෙලා තිබ්බා..

යෝශි හ්‍යුන්ජින්ව තද කරලා බදාගෙන ඒ මූන උඩින් මූන තියන් ඉන්න එක දැකලා ජියා නම්ජූන් දෙන්නා අහක බලාගත්තත්, ඒ බලපු දිහාවෙන් පෙනුනෙ එකිනෙකාගෙ තොල් වලට බර වෙලා ඉන්න යුන්ගියි ජිමිනුයි... මෙතන ඉන්න වැඩිමල් ජෝඩුවට හිතාගන්න බැරි උනා ඒ දෙන්නා දැන් කොහෙද බලන් ඉන්න ඕන කියලා..

මේ අතරෙ නම්ජූන්ට තව කෙනෙක් මීටර් උනා.. එයා මෙතන නෑ නේද කියලා.. එයා අතුරුදහන් වෙලා..?

"ජියා..!! හේගල්ට මොකද උනේ?"

"මං දන්නෙත් නැ ජූන්.. සමහරවිට එයා යන්න ඇති.."

ජියා කියපු දේට එකග වෙන්න නම්ජූන් ඔලුව වැනුවා.. ඒත් එක්කම සේහි හරි සිහියට ආවා.. සේහි යන්තමින් ඇස් වටේට කරකවලා බලද්දි හැමෝම මෙතන ඉන්න එක ගැන සේහි පුදුම උනා.. ඒ වගේම එයාව අල්ලගෙන ඉන්න ටේහ්‍යුන් ජන්කුක් දැක්කම සේහි තවත් පුදුම උනා..

සේහිගෙ ඉනේ වම් පැත්තෙන් අත දාගෙන ඉන්න ජන්කුක්වයි, සේහිගෙ දකුනු පැත්තෙන් ඉන වටේ අත දාගෙන ඉන්න ටේහ්‍යුන්වයි දිහා සේහි ඇස් දෙක ලොකු කරන් බලන් හිටියා.. ටේහ්‍යුන් ජන්කුක් දෙන්නා කරේ ලස්සනට හිනා වෙන එක විතරයි..

සේහි එහෙම්ම ඉදගෙන හ්‍යුන්ජින් දිහා බලද්දි සේහිගෙ මූනට හිනාවක් ආවා.. හ්‍යුන්ජින් ප්‍රාර්ථනා කරපු.. හ්‍යුන්ජින් කැමති උන කෙනා එයාට හම්බෙලා.. හ්‍යුන්ජින් යෝශිව තමන්ට තුරුල් කරගෙන ඉන්නව දැකපු සේහි හරි ලස්සනට හිනා උනා..

•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨  (Ongoing)حيث تعيش القصص. اكتشف الآن