✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 11 🌙✨

91 11 18
                                    





බාතෲම් එකෙ දොර ආයෙම හයියෙන් වහපු ටේ කෙලින්ම බාතෲම් එකෙ දොරට හේත්තු උනා. නිකන් නෙවෙයි පපුවටත් අත තියාගෙන.

"අනේ දෙයියනේ!! මගේ හාට් බීට් එක.. එයාට ඇහුනද දන්නැ.. ඇයි මෙච්චර වේගෙන් ගැහෙන්නෙ. මැරෙන්නවත්ද දන්නැ.

ආශ්! එයාගෙ බෙල්ල දිගේ වතුර බිංදු වැටීගෙන ගිය ලස්සන.. මං එ වතුර බිංදුවක් උනානම්.. බෙල්ලෙන් පල්ලෙහාට පපුවෙන් පල්ලෙහාට බඩෙන් පල්ලෙහාට...

යා යා.... ටේහ්‍යුන් ටේහ්‍යුන්... මොනාද මෙ හිතෙන්නෙ.. ආර්හ්... මට පිස්සු හැදිල.."



ටේහ්‍යුන් තමන්ටම කියවගෙන දොරට හේත්තු වෙලා මුනු මුනු ගානකොට ජන්කුක් ඇතුලෙ ඉදලා ටවල් එකයි බාත්‍රොබ් එකයි ඉල්ලලා බෙරිහන් දෙනකොට තමයි ටේහ්‍යුන් ආයෙ හරි සිහියට ආවෙ..


"අනේ ටේ දෙනවකො ඕක. සේහි ආවොත් ආයෙ. මං කොහොමද එලියට එන්නෙ.."

"මං දොර ලොක් කරා"


"යාහ්!!"




ටවල් එකයි බාත්‍රොබ් එකයි ආයෙ දෙන්න හැදුවත් ජන්කුක්ව ආයෙ දැක්කම මොනා වෙයිද, කලන්තෙ දාවිද කියන බයට නිකන් හිටියා. ටේහ්‍යුන්ට කටෙ කෙලත් හිදිලා වගෙ. සැරින් සැරෙ ජන්කුක්ව මැවිලා පේනවා. ටේ එහෙම්ම ගිහින් බාත්‍රොබ් එකයි ටවල් එකයි ඇද උඩින් තියලා ටේබල් එක ගාවට ගිහින් පුටුවෙන් වාඩි උනා.



"ආහ් එයාව අද මෙච්චර ලස්සනට පේන්නෙ ඇයි?"


කෙනෙක්ට තමන් වැඩියෙන්ම ආදරේ කරන කෙනාව අනිත් අයට වඩා ලස්සනට පේනවා. ඒක ආදරේ මැජික් එකක්. හැබැයි ඇත්තටම බැලුවොත් ජන්කුක් කියන්නෙ කාගෙත් සිත් ඇදගන්නා සුලු පෙනුමක් තිබ්බ කෙනෙක් උනත් මෙච්චර කාලෙකට ටේට එහෙම හැගීමක් ඇවිත් තිබ්බෙ නැ. ඒක තමයි මේට් බොන්ඩ් එකෙ පවර් එක..


ජන්කුක් නාලා ඉවර වෙලා හිමීට දොර ඇරියා. ඉස්සෙල්ලා ඔලුව දාලා බැලුවා ටේ ඉන්නෙ කොහෙද කියලා. ටේ ෆයිල් එකකට ඔලුව ඔබාගෙන ඒකෙ වැඩ. හෙමීට හෙමීට එලියට අඩියක් දෙකක් තියනකොට ජන්කුක්ගෙ කකුල ලග තිබ්බ පොත් රාක්කෙ වැදෙනවත් එක්කම ටේ බැලුවා..

•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨  (Ongoing)Where stories live. Discover now