✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 25 🌙✨

78 11 38
                                    

"මේ හ්‍යුන්ජින් කියනවා එහෙම වෙන්නැහ්ලු"

"ඉතින්."

"ඉතින් කියන්නෙ.. එහෙම වෙන්නෙම නැද්ද.. එහෙම වෙන්න පුලුවන්නෙ හදිස්සියෙන් හරි"

"මේ.. තව්සෙ ඌත් එක්ක ඉන්නවා හොඳටම වැඩී හොඳේ.. අනික ඇයි ඌ ඒවා කියලා දෙන්නෙ තමුසෙට"

"අනෙ ටේ.. ඔයාලා කොච්චර දේවල් මගෙන් හැංගුවද කියලා මට තේරුනේ හ්‍යුන්ජින් කිව්ව දේවල් එක්ක.. එයා මට මේ මාස ටිකේම වුල්ෆ්ලා ගැන.. රාජධානි ගැන.. මායාකාරියො ගැන.. මායාවන් ගැන කියලා දුන්නා"

"සේහි..!! මොනා රාජධානි ගැන? සේහි ඒවා දැන් විනාශ වෙලා ගොඩක් කල්.. ඒවා ඉගෙනගත්තා කියලා ප්‍රයෝජනයක් වෙන්නැ.. ඉතින් ඇයි ඒවා එතකොට අපි ඔයාට කියන්නෙ"

"(ඒත් මෙහේ සිද්ද වෙන දේවල් ඔයා දන්නෙ නෑ ටේ... ඒවා දන්නවනම් මේ දේවල් ප්‍රයෝජනවත් නැ, වැඩකට නැති දේවල් කියලා ඔයා ඔහොම කියන එකකුත් නෑ..)
අහ්... ම්මේ.. ඔව් ඒක තමයිනෙහ්"

සේහි හිතින් හිතපු ටික සේහි දිහා බලාගෙන හිටපු හ්‍යුන්ජින්ට ඇහුනා.. හ්‍යුන්ජින් දැනගත්තා ටේ සේහිට බනිනවා තමයි කියලා.

"කො ඔතන හ්‍යුන්ජින් ඉන්නවද?"

"ඕහ්"

"දෙන්න පොඩ්ඩක්"

"ඒ ඇයි?"

"තමුසෙ පන්ඩිත වෙන්නැතුව දෙනවකො"

"හරි හරි ඉන්න... හ්‍යුන්ජින්... ආ.. ටේහ්‍යුන් කතා කරනවා."

"මටද? ම්ම්.. දෙන්න"

"හෙලෝ හ්‍යුන්ජින්...!?"

"ඕ ටේහ්‍යුන් ඔප්පා කියන්න"

"මට ඇත්ත කියනවා.. තමුසෙ සේහිගෙ කව්ද? එදා දැකපු වෙලේ ඉදලා මටයි කුකීටයි ප්‍රශ්නයක් තිබ්බා.. ඇයි ඔයා සේහිට වුල්ෆ්ලා ගැන කියලා දෙන්නෙ?"

හ්‍යුන්ජින් ලයිබ්‍රි එකේ එයාලා වාඩිවෙලා හිටපු ටේබල් එකෙන් නැගිටලා ෆෝන් එකත් අරන් එහාට ගියා. සේහියි යෝශියි මූනට මූන බලාගත්තම සේහි උරහිස් දෙකත් අකුලලා හ්‍යුන්ජින් ගිය දිහා බැලුවා..

•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨  (Ongoing)Where stories live. Discover now