✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 40 🌙✨

84 10 14
                                    

:
:
:
:
:

"අ-අහ්...! කොහෙද මේ"

සේහි ඔලුවටත් අත තියාගෙන ඇලිලා තිබ්බ ඇස් පිහාටු හෙමින් ඇරියෙ තෙහෙට්ටු මූනකුත් එක්ක.. ඇස් ඇරිය ගමන් උඩ තිබ්බ කැටයම් කරපු සිවිලිම දැකපු සේහි මහන්සියටම ආයෙ ඇස් දෙක පියාගත්තෙ කලින් උනේ මොනාද කියලා මතක් කරන ගමන්..

සේහිට මතක් උනා.. කලින් දවසෙ සිද්ද වෙච්ච දේවල් එක්ක අන්තිමට එයාලා හේගල්ගෙ ගෙදර එන්න ආව බව.. හ්‍යුන්ජින්ගෙ තුවාලෙ කොච්චර ලොකු උනත් සේහි යෝශි ටේ කුකී හතර දෙනාවම පිටේ තියාගෙන අමාරුවෙන් පියාඹගෙන ආවෙ හ්‍යුන්ජින්..

ඒත් දැන් කොහෙද මෙ ඇවිල්ලා ඉන්නෙ. මේ හේගල්ගෙ ගෙදර නෙවෙයි.. හරියට කොහේහරි උස කුලුනක ඉන්නවා වගේ සේහිට දැනෙන්නෙ.. ඒත් ඒක හදලා තියෙන්නෙ ලී වලින්.. ඔව්..! ගොඩක්ම ලී වලින්..

පැත්තකින් ඇහෙන වේදනාත්මක කෙඳිරිල්ලක් එක්ක සේහි ඇස් දෙක ලොකු කරගත්තෙ හ්‍යුන්ජින් ගැන ඔලුවට ආපු නිසා.. හ්‍යුන්ජින්ට මොකද්ද උනේ.. කලින් දවසෙ මතක විදියට හ්‍යුන්ජින්ගෙන් සෑහෙන්න ලේ ගියා..

සේහි ඉන්න ඇදෙන් බැස්සට පස්සෙ තමයි දැක්කෙ ඒ කාමරේම එහා පැත්තෙ කොනේ දාලා තියෙන ඇදේ ඉන්න හ්‍යුන්ජින්තුත්.. ඇඳ ගාව බිමට පාත් වෙලා ඉන්න යෝශියි.. ඊට එහා පැත්තෙ වීදුරු භාජනයක් අතේ තියන් ඉන්න හේගල්තුත්..

"අහ්.. ඇහැරුනාද? දැන් ඇගට කොහොමද?"
ඒ හේගල්ගෙ කටහඬ.. සේහි යන්තමින් ඔලුව වනලා ගිහින් යෝශිට එහා පැත්තෙන් හිටගත්තා. හ්‍යුන්ජින් ශිෆ්ට් වෙලා..

"එ-එයාට කොහොමද හේගල්"

"තුවාලෙ පොඩ්ඩක් දරුනුයි.. හැබැයි මෙ හර්බ්ස් වලට හොඳ වෙයි.. එයාට විවේක ගන්න දෙන්න"

හ්‍යුන්ජින්ගෙ උරහිසක් පුරාවටම කොල පාට මොනාද තවරලා.. හ්‍යුන්ජින් වැතිරිලා ඉන්න සුදු රෙද්ද තරමක් රතු පාට වෙලා තියෙනවා දැක්ක සේහිගෙ ඇස් දෙකට හෝ ගාලා කඳුලු ඉනුවා.. හ්‍යුන්ජින් හැමදාම එයාලව ආරක්ශා කරන්න ගිහින් එයාටම රිද්දගන්නවා..

යෝශිගෙ පවා මූන මැලවිලා ගිහින්.. සේහි වටපිට බැලුවා. එයාලා ඉන්නෙ කොහෙද කියලා.. වටේටම ගස් කොලන් වලින් පිරුනු පරිසරයක් පේන්න තියෙනවා.. ගස් කොලන් නිසාම වටපිටාව ටිකක් අඳුරුයි..  එයාලා හිටපු කාමරේ පැත්තකින් තිබ්බ කොටු ජනේලෙ පුරාවට මල්වැල් ඇදිලා ගිහින්.. හැබැයි ඒ මල්වැල් පවා පරවෙලා.. හරියට ප්‍රාණයක් නෑ වගේ... සේහිට හ්‍යුන්ජින් දකිනකොට එයා ගැනම වරදකාරී හැගීමක් එනවා.. වේදනාවෙන් කෙඳිරි ගාන හ්‍යුන්ජින්ගෙ දිහා බලන් ඉන්න බැරි කමට සේහි හෙමීට ජනේලෙ ගාවට ගියා එලිය බලන්න කියලා හිතාගෙන.

•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨  (Ongoing)Where stories live. Discover now