Chapter 1

334 36 13
                                    

හ්ම්ම් අද අයෙත් හිටපු තැනටම මට එන්න වෙලා. එන්න බලාපොරොත්තුවක් තියාගෙන නෙමෙයි මම මෙහෙන් ගියේ. එත් මගේ පවුලේ අය හින්ද මට‍ අයෙත් මෙහෙට එන්න වෙලා. අපිට දයිවයට අවනත වෙන්න වෙනවා එත් ඇයි අයෙත් මෙහෙටම මේ කොරියාවටම.

" සර්....... "

"අහ්හ් කියන්න පීටර් " මෙච්චර වෙලා කල්පනාවෙ හිටපු මම හොද සිහියට ආවේ පිටර්ගේ කටහඩින්

" සර් කාර් එක ඇවිත් අපි යමුද "

"හරි අපි යමු පීටර්" මේ අවුරුදු දෙකට කොරියාව ගොඩක් වෙනස් වෙලා. ඔව් ඔව් මම මේ කොරියාව දාල යන්න ගිහින් අදට අවුරුදු දෙකයි.

" සර් අපි ඉස්සෙල්ලම කොහෙටද යන්නේ කම්පැනි එකටද මැන්ෂන් එකටද? "

" ගෙදර යමු පීටර් මට මහන්සි "

" හරි සර් "

" හ්ම්ම් " මේ කොරියාවට මම ගොඩක් කැමති වගේම අකමැති ඒ ඇයි දන්නවද මෙහෙදී මට‍ කෙනෙක් හම්බ උනා අදටත් අමතක කර ගන්න බැරි උනා.

මම එ හින්ද එදා වගේම අදත් ඒ විදීහටම විදවනවා. එයා දැන් කොහොම ඇද්ද දැන් නම් ගොඩක් හැන්ඩ්සම් වෙලා ඇති. එයා බැදලද දන්නේ නැ. කමක් නැ මට‍ කොහොමත් මේහේ ඉන්න වෙනවා එ කියන්නේ මට‍ තව දරාගන්න ගොඩක් දේවල් තියෙනවා කියන එක.

හැමෝම කියනවා දෙවියෝ කියලා කෙනෙක් ඉන්නවා කියලා. එත් මට නම එහෙම හිතෙන්නේ නැ. එහෙම කෙනෙක් ඉන්නවනම් ඇයි එයාට බැරි මටත් සතුටක් දෙන්න මම ජිවිත කලේ පුරාවටම දරාගන්නයි, ඉවසන්නයී, විදවන්නයි විතරද ඕනේ ඇයි මට‍ සතුටක් දෙන්නම බැරි එයාට.

මට හිතෙන්නෙම දෙවියෝ කියලා කෙනෙක් නැ. ඉන්නවනම් මගේ දුක එයාට තේරෙන්න එපැයි. එක හින්ද තමා මම කියන්නේඑහෙම කෙනෙක් නැ කියලා.......

" සර් අපි ගෙදර ආවා........ "

" හරි පීටර් මගේ ලැ්ගේජ් ටික කාමරේට ගිහින් දාන්න "

" හරි සර් "

"අම්මා මෙන්න මල්ලි ඇවිල්ල" අම්මෝ
ඔන්න ආපු ගමන් පටන් ගත්ත දැන් ඉතින් ඉදල ඉවරයි. ඔයා ඉතින් වෙන කවූරුත් නෙමේ ඔයා මගේ අක්කා. කිම් සේහි අවුරුදු 30යී. මෙයා ටීචර් කෙනෙක් maths තමා උගන්නන්නේ. මොන උනත් මෙයාගෙන් ඉගෙන ගන්න ළමයි වෙනුවෙන් විනාඩි අරික්කාලක නිශ්ශබ්දතාවයක්............. අවුරුදු 30ක්‌ වෙලත් තමා තනිකඩයි. මෙයා කියන්නේනම් කොල්ලොන්ට හිත යන්නේ නැ කියලා. එත් මට‍ හිතෙන්නේ කොල්ලෝ මෙයට කැමති නැ කියලා 🤭🤭

" අනේ පුතා ඔයාව දැක්ක කල් " ඔයා ඉන්නේ මගේ අම්මා. මන් එයාට තමා වැඩියෙන්ම ආදරේ ඒ ඇයි කියලා පස්සේ කියන්නම්කො. ගොඩක් ආදරණිය චරිතයක්‌ තමන්ගේ ළමයි වෙනුවෙන් පන උනත් දෙයි. නම නම් කිම් මීරා.

"ඇයි අම්මේ බොරු කියන්නේ ම්ම් ඔයාට ඊයෙත් වීඩියෝ කෝල් එකක්‌ ගත්තනේ " කොච්චර කෝල් ගත්තත් අම්මා කියන්නෙම ඕක අනේ මන්ද.

" කෝල් එක වගේද අහ්හ් අවුරුදු කියකින්ද මේ ඉලන්දාරියාව දැක්කේ " අයියෝ ඒ පාර තාත්තාත් පටන් ගත්ත. මන් වැඩිය මෙයට කැමතිනම් ඇයි කියලා පස්සේ තේරෙයි දැන්ම කියන්න බැ. තාත්තගේ නම කිම් දේහියුන්.

පොඩි අඩුවක් තියෙනවා තමා ටකරන් වොයිස් එකක් ඇහුනේ නැනේ.

" මේ ඕයි තමුසේ මම ඉල්ලපුවා ගෙනවනේ කෝ ඒවා. එකක් හරි අඩුවෙලා තිබ්බොත් බලා ගමු අපි " අපෝ ඔයා එන්නේ හිතන කොටම ඔයානම් කවුරුත් නෙමේ මගේ වධකාර නංගි වැඩිය හිතන්න එපා එයවනම් අරන් ඇවිත් තියෙන්නේ කුණු කාණුවකින් පේනවනේ කතා කරන හැටි හරිම කැතයි. මෙයා තමා යුනි යනවා වයස 24යී. මෙයටනම් ක්‍රෂ් ගොඩක් ඉන්නවා එක එක දවසට එක එක අය.

" මේ මේ පුතාට වධ දෙනවා එහෙම නෙමේ. පුතා ඔයාටත් මහන්සි ඇතිනේ ගිහින් නාලා එන්නකෝ අම්මා ඔයා ආසම කෑම හදලා තියෙන්නේ "

" හරි අම්මේ " අම්මෝ අවුරුදු ගානකින් අදනම් හොදට කන්න පුළුවන් වෙයී. වැරදියට හිතන්න එපා මම හොදට කාල කරලා හිටපු කොල්ලෙක් හරිද වැඩේ කියන්නේ මම උයන්න දන්නේ නැ එකතමා පුරශ්නෙකට තියෙන්නේ නැත්තන් මේ කොල්ලගේ කිසි අවුලක් නැ හරිත.

හ්ම්ම් ඔයලා දැක්කනේ ඔයා තමා මගේ පුංචි පවුල. අම්මා, තාත්තා, අක්කා, නංගි වගේම මම. අපි එහෙම ගොඩක් සතුටින් හිටපු පවුලක් නෙමේ පොඩි හරි සතුටක් තිබ්බනම් එකට හේතුව තමා මගේ අම්මා.

හරි හරි දැන් ඔයාලා එයාලව දන්නවනේ මම මන් ගැනත් ටිකක් කියන්නම් නේ. නැත්තන් හරි නැනේ. මගේ නම කිම් ටේහියුන් වයස 27යී. තමා තනිකඩයි හරිද. මම business man එකෙනෙක්‌. Fashion designing company වලින් දැනට තියෙන number 1 company එක බොරුවට නෙමේ කිව්වේ 😒.

______________________________________

Hiiiiiiiiiiiiiiiiiiii...........

මේකනම් පොඩි කොටසක්. ඉතුරු එකත් ඉක්‌මනට අරන් එන්නම්.
එහෙනම් මම අදටත් යනෝ...........
Vote, comment කරන්න

By - @Kimayuuu7
2024/02/01

You are just not friend to me Where stories live. Discover now