Chapter 10

80 16 1
                                    

Flashback

හරි මෙහෙමයී හරිද, මම ගියේ මික්ස් ස්කුල් එකකට. මෙයා කතෝලික් ඉස්කෝලයක් වෙච්ච හින්ද අපේ ප්‍රින්සිපලට හිටියේ ෆාද කෙනෙක්. ෆාද කිව්වේ ගෙදර ෆාද නෙමේ අර පල්ලියේ ඉන්නේ එයාල හරිද. 

එතකොට මම දැන් මේ ඉස්කෝලෙට අවුරුදු 10ක්‌ තිස්සේ එනවා එකියන්නේ මම දැන් ඉන්නේ 10වසරේ. හරි හරි මම දාන්න මන් ඊලග අවුරුද්දේ ඕලෙවෙල් ලියන්න ඉන්නේ කියලා ඔයාලට කිව්වේ දැන ගන්න හරිද.

ඔයාලා හිතනවා ඇතිනේ මේ කිම් ටෙහියුන් ගොඩක් හොදට ඉගෙන ගන්න පොරක් කියලා අප්පෝ නැ අප්පෝ නැ. ඔයාලට කියන්න මේ දැනුත් හිනා වෙන්න ගිහින් history උගන්නන ටීචර්ගෙන් ගුටි කාලා ඉන්නේ. කියන්න සතුටුයි සහෝදර සහෝදරියනි අනිත් අය සාමාන්යෙන් ටීචර් කෙනෙක්ගෙන් ගුටි කන්නේ කියව කියව ඉදල හරි ගෙදර වැඩ කරන්නේ නැතුව ආවාට හරිනේ. එත් මේ ටෙහියුන් හරිම වෙනස් ගුටි කන්නේත් හිනා වෙනවා කියලා.

හැබැයි මෙතන ලොකුම අසාදරනේ වෙලා තියෙන්නේ මටනේ අප්පා. කියන්නත් දුකයි අනේ මටමනේ වෙනස්කම් කරන්නේ මෙයාල. මොකද්ද දන්නවද උනේ මේ ජංකුක් කියලා එකෙක් ඉන්නවනේ මේක මට එහා පැත්තේ ඉදන් කියපු කතාවට මට ටිකක් හිනා ගියා හැබැයි ටිකක් හයියෙන් හිනා ගියා. එකතම ඇවිත් ගැහුවේ ලගට ඇවිත් ගහනකන් දැක්කේ නැ අප්පා. එත් එක්කම කිව්වා ජාතික වාක්‍ය මොකද්ද දන්නවද?

" ඔයාගේ අක්කනම් ඔහොම නැ හොදට වැඩ කර ඒ ළමයා" අනේ ඉතින් ආච්චිගේ රෙද්ද තමා අක්කගේ පොත් වල නොට් හිටන් නැ එත් හොදට වැඩ කරලු. දැන් ඉතින් මම මුණ දෙක කරන් ඉන්නවා මගේ මුණ දිහා බලන් මේ ජන්කුකා හිනාව නවත්ත ගන්න අතින් කටවහන් ඉන්නේ. අනේ ඉතින් කට කියන්නද මේවා. මේ අහිංසක මටමනේ මෙහෙම කරන්නේ. හරි නරකයී අනේ මෙයාල.

ට්‍රින් ට්‍රින්............

අම්මෝ ඔන්න පීරියඩ් එක ඉවරයී දැන් ආගම කියලා කෑම කන්න තමා තියෙන්නේ.

මුන් එක්ක බැ අනේ තමා හිනා වෙනවා මට.

" උබ ඔයා හිනාව නවත්තනවද නැද්ද? "   මන් පොඩ්ඩක් සැරෙන් එක කිව්වේ මු ඒ පාර ආයේ හිනා වෙනවා.

You are just not friend to me Where stories live. Discover now