Chapter 4

129 33 5
                                    

හ්ම්ම් අද එයාල එන දවස . අද අපේ ගෙදර නිකන් function එකක් වගේ . කෑම ජාති ගොඩක් අහල අම්මා මම ආස එව්වත් ගොඩක් තිබ්බ ඉතින් එක වෙනම දෙයක් නේ .

පාඩුවේ නිදාගෙන හිටපු මාව ඇහැරවල ලෑස්ති වෙන්න කියලා warning එකකුත් දීලා අම්මා ගියා පල්ලෙහට. තව පැය බාගෙකින් එයාල මෙහෙට එයි කියලත් කියනවා වගේ ඇහුනා ලාවට මට‍ . මන් තමා ඇදේ ඉන්නේ ලෑස්ති වෙන්න තියා හිතලවත් නැ ......

" පුතා ඔයා ලෑස්ති වෙලා ඉවරද . මන් ඇතුලට එනවා "

" මන් තමා ලෑස්ති උනේ නැ අම්මා "

" මොනාද ළමයෝ මෙච්චර වෙලා කරන්නේ එයාල තව ටිකකින් එයි එතකොට ඔයා ලෑස්ති වෙලා ඉන්න එපැයි අහ්හ්හ්හ්හ් .............. තාත්තා ආවනම් මාත් එක්ක බැනුම් අහන්නේ . කෝ කෝ එන්න මම ලෑස්ති කරන්නම් ඔයාව "

" ඕනේ නැ අම්මා මම ලෑස්ති වෙලා ඉන්නම් . ඔයා යන්නකෝ " අනේ දැන්නම් නිකන් අඩෙන්න වගේ මට‍ තවනම් ඉන්න බැහැ අප්පා . මෙයාලට ඉතින් මොකුත් තේරෙන්නේ නැහැනේ. මන් ගැන හිතුවේ කවද්ද ..

"හරි මම එහේනම් යන්නම්. හැබැයි ලෑස්ති වෙලා ඉන්න මම ආයේ එනකොට"

" හ්ම්ම් " මිමිණිල්ලකින් විතරක් උත්තර දීපු මම බැලුවේ මට අදින්න තියෙන ඇදුම දිහා. එකත් අතට අරන් පැකින් කඩල ඉක්මනට ඇදගත්තේ නැත්තන් මට‍ කොල්ලා බලන්න කෙසේ වෙතත් තාත්තාගෙන් ගුටි තමා කන්න වෙන්නේ කියලා මගේ චුටි මොලේට ආපු පණිවිඩේ නිසා.

ඉක්මනට වොෂ් අද ගත්ත මම කරාබුවත් දාල චුටි මේකප් එකකුත් දාල බැලුවේ මගේ පෙනුම දිහා . හ්ම්ම් ඒ හැටි වරදක් නැ .............. ලස්සනට ඉන්නේ ඔයා .

ඒහෙම කියලා බලන් හිටියේ මම අර එනවා කියපු අය එනකන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒහෙම කියලා බලන් හිටියේ මම අර එනවා කියපු අය එනකන් . දැන් නම් වෙලාවත් හරි එයාල තමා නැද්ද කොහේදෝ . වෙලාවට වැඩ කරන්න දන්නේ නැති මිනිස්සු මට‍ පෙන්න බැ .

You are just not friend to me Where stories live. Discover now