Chapter 15

68 17 8
                                    

මේ දවස් ටිකේම පාන්දර වෙද්දී නිදා ගත්තේ නැති හින්ද ඇගට ටිකක් හරි නැ වගේ දැනුනට. අමාරුවෙන් හරි ලෑස්ති උනේ ඉස්කෝලේ යන්න. ගෙදර ඉදල හිතලා හිතලා හිතා රිද්දගන්නවට වැඩ ඉස්කෝලේ ගිහින් පොඩ්ඩක් හිතත් රිද්දගෙන මොකුත් උනේ නැ වගේ දවසම හිනා වෙලා ඉන්න තිබ්බනම් හොදටම ඇති. මට‍ දැන් එකත් පුරුද්දට ගිහින් අඩන්න හේතු ඕන තරන් තිබ්බත් මන් හොදින් කියලා පෙන්නන හැමදේම හංගගෙන හිනා වෙන එක. එ හින්දමද මන්ද අනිත් අයත් මටම රිද්දන්නේ මට‍ ප්‍රශ්න නැ කියලා හිතාගෙන. අනික එයාල හිතන් ඉන්නේ මන් හැමදේටම පොඩ්ඩක් නැත්තන් අඩනවා කියලා. ඔව් මන් අඩනවා කවුරු හරි ඕන්නැති විහිළුවක් කරොත් අඩනවා. හැමෝම හිතන්නේ මට‍ කිසිදෙයක් දරාගන්න බැරි කෙනෙක් කියලා. එත් ඉතින් එයාල දන්නේ නැනේ මම අඩුවේ එයාල කරපු විහිලුවටද නැත්තන් එවෙලේ තිබ්බ දරාගන්න බැරි හිතේ අමාරුවටද කියලා.  අඩන්න ඕනේ කියලා හිතුනොත් එයාල කියපු එකට දුක හිතුනේ නැත්තත් මන් ඇඩුවේ හිතේ තිබ්බ වේදනාව නැති කරගන්න.

දැන් ඉතින් කියන්න එපා කොල්ලෙක් වෙලත් ඔහොම අඩනවද කියලා. එත් දරාගන්න බැරිම තැන කොල්ලෙක්ට උනත් අඩන්න පුළුවන් නේ. කෙල්ලොන්ට විතරක් නෙමේනේ හිතක් කියලා තියෙන්නේ කොල්ලොන්ටත් තියෙන්නේ හිතක් තමා. එහින්ද අපිට බැ කදුළු හලන්න පුළුවන් කෙල්ලෙක්ට විතරයී කොල්ලෙක්ට කදුළු හලන්න බැ කියන්න මොකද වේදනාව ඕන කෙනෙක්ට දැනෙනවා. එකට ගැහැණු පිරිමි කියලා බෙදායක් නැනේ.

අනික මම ආස නැ ගෙදර තනියම ඉද්දි දැනෙන ඒ මුස්පේන්තු ගතියට. මන් ගෙදර ඉන්න ආසම නැත්තේ ඒ හින්ද. ගෙදර ඉන්න හැම වෙලාවේම හිතෙනවා අම්මවත් හිටියනම් කියලා. මන් එහෙම හිතෙනවට කැමති නැ. මන් දන්නවා අම්මා අපි වෙනුවෙන් තමා හම්බ කරන්න රට ගියේ කියලා. එත් අම්මව මතක් වෙනකොට ඒ දැනෙන වේදනාව ගැන කියන්න තේරෙන්නේ නැ.

ගොඩක් ළමයිට තමන්ගේ අම්මගේ තාත්තගේ වටිනා කමක් දැනෙන්නේ නැ හැමදිස්සෙම ලග ඉදන් ඇන ඇන කියලා දෙන හින්ද. වදයක් වගේනේ පෙන්නේ නේද? එත් අම්මා තාත්තා ලග නැති කෙනෙක් ගෙන් අහල බලන්න එයාලගේ වටිනාකම එයාල හරි ලස්සනට එක කියලා දෙයි. අම්මා තාත්තා ලග නැති දවසකට තේරෙයි එයාල නැතුව මම මොන කරන්නද කියලා. එතකන් එයාලව වදයක් වගේ තමා පෙන්නේ.




You are just not friend to me Where stories live. Discover now