Chapter 7

123 26 3
                                    

මට බැනල බැනල දැන් මේ මනුස්සයගෙන් සද්දයක්වත් නැ. තරහා යන විදිහට නහරයක්වත් පුපුරලා මලාද දන්නේ නැ. නැ නැ එහෙම වෙන්නේ නැ මේකව පොලේ ගැහුවත් මැරෙන්නේ නැති ඩයල් එකක් නේ. හරියට අර හින්දි ෆිල්ම් වල වගේ. හරි හරි එක වැඩක් නැනේ.

මුගෙන් සද්දයක් නැති එකේ කතා කරලවත් බලමුද. එක්කෝ මන් මොකටද මුට සෙකන්ඩ් වෙන්නේ මට‍ බැ එක්කෝ. ආයිෂ් එක්කෝ කලින් තෝ බැනුම් ඇහුවේ තොගේ වැරැද්ද හින්දනේ. ලොකුකම පැත්තකට දලා කතාකරහන් ඉතින්. හොද හුස්මක් අරන් කතා කරන්න ටේ මේකව ෂුවර් කරන්න බැ අල්ලාගෙන නෙලුවෝත් එහෙම.

" අහ්හ් මේ කුකී "

" මොකද දැන් "

"අර ඉතින් බනිනවා. ඔයා මාත් එක්ක තමා තරහින් නේ ඉන්නේ "

" තරහින්........ තරහින් තමා යකෝ ඉන්නේ මට‍ උබව මස් කරලා කන්න හිතෙනවා. "

" අන්න අන්න ඕකනේ ඉතින් බැරි ඔයත් එක්ක "

" මන් දන්නවා උබට මාත් එක්ක ඇරෙන්න අනිත් ඔක්කොම එක්ක පුළුවන් කියලා "

" මොනාද අනේ කියවන්නේ. පොඩ්ඩක් හොදින් කතා කරනවකෝ. ඇගේ කැලි අඩු වෙන්නේ නැ හොදින් කතා කරාම. "

" අනේ මේ ටේ. දැන් උබ මොකටද කතා කලේ "

" නිකන් හාලෝ "

" යා............ මන් උබට කියලා තියෙනවා මට‍ හාලෝ කියන්න එපා කියලා "

" ඔයා මාත් එක්ක තරහින් නේ ඉන්නේ ඉතින් මන් මොකටද ඔයා කියන ඒවා අහන්නේ "

" හරි හරි බන්.උබ කවද්ද මන් කියපු එකක් ඇහුවේ. උබ දන්නවනේ මට‍ උබ එක්ක තරහා වෙලා, කතා නොකර ඉන්න බැ කියලා. මට‍ තාමත් හිතාගන්න බැ මන් කොහොම මේ අවුරුදු දෙකේ ඉවසන් හිටියද කියලා"

"හරි හරි සොරි හියුන් "

"මන් කියලා තියෙනවා සොරි කියන්න එපා කියලා. හැබැයි ඔයා හියුන් කිව්වේ ගොඩ කාලෙකට පස්සේ එකටනම් සතුටුයි මට "

" එක නෙමේ කුකී. මට ආරංචි උනා ඔයා දැන් ලෝයර් කෙනෙක් කියලා. මට සතුටුයි ඔයා ගැන මොන දේ උනටත් ඔයා ඔයාගේ හීනෙ හැබෑ කරගත්තනේ. "

You are just not friend to me Where stories live. Discover now