Chapter 14

47 16 5
                                    

අද නැගිටින්න පරක්කු වෙච්ච හින්ද ඉස්කෝලේට යනකොට 7.30ත් වෙලා තිබ්බ. බෙල් එක ගහන්න කලින් ඉක්මනට පන්තියට යන්න බලාගෙන දුවගෙන් දුවගෙන ගියා ඉතින්.

මන් ඊයේ ඉදන් තදින්ම හිතා ගත්ත ආයේ නම් කුකී එක්ක කතා කරන්නේ නැ කියලා. මන් අද වෙනද ඉන්න නැත නැතුව වෙන තැනකට ගියානම් හරි. කොහොමත් එයාට ගානක් නැ නේ මම හිටියත් නැත්තත්.

පන්තියට ආපු ගමන් වෙන තැනකට යන්න හිටියට මන් හිතුවේ නැ මේක ඒ තරන් ලේසි ව්රිටේ කියලා. අපේ පන්තිය තිබ්බ විදිහ වෙනස් කරලා. දෙයියෝ කාලෙකට පස්සේ මගේ මුණ බලලද කොහේදෝ. දෙයියොත් වටින් කිව්වේ කුකී එක්ක ඉන්න එපා කියලද මන්ද අප්පා.

කලින් නම් පන්තියේ මේස දාල තිබ්බේ ඉස්සෙල්ලම මේස හතරයී මැදට වෙන්න මේස දෙකයි පස්සේ ආයේ හතරක් තමා දාල තිබ්බේ දැන් දාල තියෙන්නේ ඉස්සෙල්ලම මේස තුනයි මැදටත් මේස තුනයී අන්තිමේට මේස හතරයි. හතර හතර තියෙන පැත්තේ දැනටමත් ළමයි පිරිලා. තමා කුකී නම් නැ. කොහේ ඉන්නද මන්ද අනේ........

" ඒ ටෙයා "

" අහ්හ් සොජුන් මොකෝ බන් මේ එක පාට්ට පන්තිය වෙනස් කරලා "

" මන් දන්නෙත් නැ බන්. මන් හිතුව උබ අද නැ කියලා "

" අද නැගිටින්න පරක්කු උනානේ බන් එකයි වෙලා ගියේ. මේ උබට එහෙ පැත්තේ සොහාද ඉන්නේ "

" ඔව් බන් සොහා තමා. උබට ඕනනම් අනිත් මේසෙට එන්න "

" ඕන නැ බන්. අර යෙජිත් තනියමනෙ උබලා ඉන්න එකට ඉස්සරහ එක හින්ද අවුලක් නැනේ. මන් එතන ඉන්නම් "

" හා හා උබේ කැමැත්තක් "

" යෙජි මන් මෙතෙන්ට ආවට කමක් නැනේ "

" ඕක අහන්න ඕනේ නැනේ බන්. කොහොමත් ඔතන වෙන කවුරුත් එන්නේ නැ කියලා උබ දන්නේ නැතුව නෙමේනේ "

" උබ ඔව්වා හිතන්න එපා ඉතින් මන් ඉන්නවනේ " ඇත්තටම යෙජි කියන්නේ හොද කෙල්ලෙක් හැබැයි පොඩි අවුලකට තියෙන්නේ, අවුලක් කිව්වට අවුලක්මත් නෙමේ එයා ඉන්නේ කොල්ලෙක් වගේ. එහින්ද ළමයි එයාට කැමති නැ, කොන් කරනවා, විහිලු කරනවා එත් එයා එයාගේ විදිහට ඉන්නවා. හැමෝම එයාව කොන් කරනවා කියලා අපිත් එහෙම කරන්න ඕනේ නැනේ. කොන් වෙනවා කියන එක මාත් විදලා තියෙනවා. එහින්ද මට හිතෙන්නේ නැ එයාට එහෙම කරන්න. එක අනුකම්පාවක් නෙමේ අපි කවුරුත් කැමතිනම් නැනේ අපිට අනුකම්පා කරනවට නේද? මට ඕනේ එයගේ යාලුවෙක් වගේ ලගින් ඉන්න තමා එතකොට එයත් හිතෙනවනෙ එක්කනෙක් හරි එයාට ඉන්නවා කියලා. මොන උනත් මු මට මොකුත් හංගන්නේ නැ ජාතකේම කියන. මාත් ඉතින් මොකදෝ එක වගේ අහන් ඉන්නවා ඉතින්.......

You are just not friend to me Tahanan ng mga kuwento. Tumuklas ngayon