Chapter 04🌻🌿

621 147 181
                                    

I hurt you .... stay away from me...

"කොහිද නුඹ යෑමට සැරසෙන්නේ.."

සෝආ පැවසූයේ මිසෝ කුමරියගේ කුටියට පැමිණි විට ඇය පිටතට යෑමට සූදානම් වන බව දුටු විටයි.

"මා ද..මම මදක් පිටතට යනවා නැවුම් වාතය විඳින්න."

"මාත් ඔබ සමඟ පැමිණෙන්නද..?"

"සමාවන්න සෝආ...මට තනිවීමට අවශ්‍යයි."

"ආහ්..එයට කමක් නැහැ..ඔබ ප්‍රවේශමෙන් ගොස් පැමිණෙන්න..මම මාගේ කුටියට යනවා.

සෝආ ගෙන් සමුගත් මිසෝ කුමරිය ඇවිද ගියේ මාලිගාවේ පොකුන තිබූ භූමියටය.රාත්‍රි කාලයේ එම ප්‍රදේශය සුන්දර බව ඇය පෙර දිනක දුටුවා. ඇයට අවශ්‍ය වූයේ ඒ සුන්දර පරිසරය තුල මදක් තනි වීමටය.එහෙත් සඳ එලියෙන් ඇය දුටුවේ පොකුන අසල හිඳ වෙන සිටින කිම් කුමරුය.

එහෙත් සඳ එලියෙන් ඇය දුටුවේ පොකුන අසල හිඳ වෙන සිටින කිම් කුමරුය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඔබ කුමක් ද ඔතැන සිදු කරන්නේ."

"මම ඔබගේ අණ වලටද මාඒ කටයුතු සිදු කළ යුත්තේ.."

කිම් කුමරු මිසෝ දෙසට දෑස් හැරවීය.ඔහුගේ අතෙහි මදුවිත බඳුනක් තිබුනි.පානය කොට අවසන් කරන ලද තවත් බඳුන් දෙකක් ඔහුගේ දෙපා මුල තිබෙනු මිසෝ කුමරිය දුටුවාය.

"ඔබ මදුවිත ඔතරම් පානය කරන්නේ මන්ද.."

මිසෝ කුමරිය පැවසූයේ කිම් කුමරු අසලට පැමිණෙමිනි..,

"එය ඔබගේ කාරයක් නොවේ."

කුමරු නැවතත් බඳුන මුව අසලට ගෙන ආවේය .නමුත් ඔහුට වඩා වේගවත් වූ කුමරිය එය ඔහුගෙන් උදුරා ගත්තේය.

"ඔබ විනාශ වීමටද යන්නේ..කුමක් හෝ කරුනක් ඔබගේ සිතෙහි විඳවනවා නම් මට එය පවසන්න.එය ඔබට යහපතක් ගෙන ඒවි.සියල්ල සඟවාගෙන තනිව දුක් වීමෙන් පලක් නැහැ."

Until The Sun Rises ||  [✔️]Where stories live. Discover now