chapter 08 ⏳🌷

549 124 133
                                    

                    Love flows slowly like a river ..
         A river is most beautiful when it flows through the   rocks ...
       So love is also beautiful when it flows through the bumps
                🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂

කාලය තමන්ට අවශ්‍ය පරිදි ගලාගෙන ගියා.....ගලා යන කාලයත් සමග කිම් කුමරුන්ගේ හා මිසෝ කුමරියගේ ආදරයත් දලුලා වැඩුනා.මාලිගාව පුරා ප්‍රකට රහසක් වු මෙය රජතුමාගේ සවනට වැටුනද එතුමන් එය තැකුවේ නැහැ...කිම් කුමරු යනු මනෝරාවේ අනාගතය භාර ගැනීමට තරම් සුදුස්සෙකු බව එතුමා හොඳන් දැන සිටියා...එමෙන්ම ඔහු තමන්ගේ සිත්ගත් එකම බිසවුන්ගේ පුත්‍රයාය..ඔහුගේ ආලයට එරෙහිවී ඔහු බිඳවීමට රජුට සිත් දෙන්නේ නැත්තේ ඔහුත් ප්‍රෙමනියකගේ වියෝවෙන් විඳවන බැවිනි ..ඔහුට එම දුක් තම පුතුන්ට උරුම කර දීමට අවශ්‍ය වූයේ නැත.

සුන්දරව ගලා යන මේ ප්‍රේමය දකින දකින වාරයක් පාසා කුපිත වන ගිනිගත් දෑසක්ද ඒ අතර තිබුනි. තමන්ට ලබාගැනීමට නොහැකි වූ එකම දෙය මිසෝ කුමරියයි..එය කෙලෙසකද ඔහුගේ වූයේ.තමන් මේ රාජ්‍යයේ උරුමකරු..එසේම මිසෝ කුමරිය තමන්ගේ වී නම් තමන් රාජ්‍යන් ද්විත්වයක උරුමකරු වනවා.එහෙත් මිසෝ කුමරිය ලැගුම් ගත්තේ කිම් කුමරුන්ගේ හදෙහි මිස ජියොන්ග් කුමරුන්ගේ හදෙහි නොවේ.

ඔවුන් දෙදෙනා දකින වාරයක් පාසා වෛරයෙන් කෝප ගැන් වුනු රුධිරය ඔහුව දවාලීය. ඔවුන් දෙදෙනා වෙන් කර දැමීමට කොපමණ උත්සාහා දැරුවද ඉන් සිදු වූයේ ජියොන්ග් කුමරු කෝපයෙන් මුසපත් කරමින්  ඔවුන් දෙදෙනාගේ ආලය තවත් වැඩි වීමයි.

අනෙක් කුමරියන් ගොර්යෝවෙහි අග බිසව වීමට තරග වැදුනද හදවතින් ආලය කල කෙනෙක් ද සිටියා...නමුත් වෛරයෙන් පිරුනු ජියොන්ග් කුමරුන්ගේ හදවතට ඇගේ නිකැලැල් ප්‍රේමයේ පහස දැනුනේ නැත.

වෛරය ,පලිගැනීම,රිදවීම යන සිතුවිලි වලින් දූෂිතව තිබූ ඒ හිතට සෞම්‍ය සිතක් තේරුම් ගැනීමේ හැකියාව නොතිබුනි.

"කුමරුනි......"

උද්‍යානය අතරින් නැගුනේ කිම් කුමරුන් මෙතෙක් බලාපොරොත්තුවෙන් සිටි හඬයි..ඇයව මුලා කිරීමට සිතාගත් ඔහු දෑස් වසා නිසොල්මනේ සිටියේය.
කුමරුන් අසලට පැමිනි මිසෝ කුමරියට දැක ගත හැකි වූයේ නිදි සුව විදින කිම් කුමරුන්වය.

Until The Sun Rises ||  [✔️]Tempat cerita menjadi hidup. Temukan sekarang