Chapter 10💕🍃

501 125 298
                                    

                 I miss you..i want you... waiting for you
                          Let me cry on your hands
              🌈️💗🌈️💗🌈️💗🌈️💗🌈️💗🌈️💗🌈️💗🌈️💗🌈️

කිම් කුමරුන් පුදුමයට පත් කරමින් එකවරම ඉදිරියට පැමිණි මිසෝ කුමරිය ඔහුව සිප ගත්තාය.ඒ අවස්ථාවේදීම සුලඟ මැදින් පැමිණි හීය මිසෝ කුමරියගේ පිට පසාරු කරගෙන ශරීරය ඇතුලට ගමන් කළේය.
කුමක් ද සිදු කළ යුත්තේ යැයි සිතාගත නොහැකිව සිටින කිම් කුමරුන්ගේ නිවැරදි සිහිය ගෙන්වූයේ තම ඇඟිලි මතින් ගලාගිය මිසො කුමරියගේ උණුසුම් රුධිරයයි.

"ම...මට..ස..මාවන්න කු..කුමරුනි..."

"මි....මිසෝ...මිසෝ.....මිසෝ.........
මිසෝ දෑස් හරින්න මිසෝ...මිසෝ දෑස් හැර මා දෙස බලන්න මිසෝ...
මිසෝ...මිසෝ..ඔ..ඔබ මේ කුමක්ද සිදුකරගත්තේ මා වෙත නැවත පැමිනෙන්න මිසෝ දෑස් හැර බලන්න මා තනිකරන්න එපා මිසෝ.....මිසෝ...මගේ මිසො...."

"මිසෝ...ආහ්....."

කඳුලු බේරෙන දෑසකින් යුතුව වියරුවෙන් කෑගැසූ කිම් කුමරුවන්ගේ හඬින් මාලිගය දෙදරා ගියේය.

මිසෝ කුමරියගේ සිරුර දෝතින් ඔසවාගත් කිම් කුමරුන් වේගවත් ගමනින් රාජකීය වෛද්‍යවරයා කරා ගියේ වේදනාව,දුක කඳුලු වී ගලායෑම වේගවත් වන විටය

වෛද්‍යවරයා පුදුමයෙන් හා බියෙන් පුරවාලමින් එක්වර කුටියට පැමිණි කිම් කුමරු එහි වූ යහනෙහි මිසෝ කුමරියව තබා වෛද්‍යවරයා කරා ගිය කුමරු...

"මැයව..මැයව කෙසේ හෝ සුව කළ යුතුයි.නැති නම් නුඹට නුඹගේ හිස අහිමි වේවි"

"කුමක් ද සිදු වූයේ කුමරුනි,"

"නුඹට ඉන් ඵලක් නැහැ...මැයව සුව කරන්න."

"එසේය කුමරුනි."

වෙදදුරා සෙමෙන් හීය ඉවත් කරන විට සිහිසුන්ව සිටි මිසෝ කුමරියගේ දෑසින් කඳුලක් ගිලිහිනි.

කුමරිය අසල බිම දණ ගසාගත් කුමරු ඇගේ අතක් රැගෙන සෙමෙන් පිරිමදින්නට විය.

(Meanwhile ඕතරයා : දැන් මිසෝ ට හීය වැදුනේ පිටට..දැන් කියවන මිනිස්සුන්ට හිතේවි කොහොමද බෙහෙත් කරන්නේ කියලා...හහ් රාජකීය වෛද්‍යවරයා ගෑණු කෙනෙක් 🤣 කිම් කුමාරයා ගැන කියවන මිනිස්සුන්ට අමතක වේවා..ඒස්වා පුහ් 😀🙏)

Until The Sun Rises ||  [✔️]Where stories live. Discover now