Chapter 07🍱💕🍀

541 131 247
                                    

                            We learn from hurt, not from victory.
                   Enjoy life ... without allowing others to suffer

🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂

"කුමක්ද ඔබ ඒ සිදු කරේ...."

සෝආ මිසොගේ අතින් දැඩිව අල්වා ගත්තාය.

"කුමක්ද සිදුකරේ යැයි අසන්නේ....ඇයි දුටුවේ නැතිද මම තත් බින්දා."

"දුටුවා..ඇයි එසේ සිදුකරේ...එය ඔබගේ අවස්ථාව.."

"අවස්ථාව...ඔබ මෙසේ සිතාගන්න..මම ඔබට අවස්තාවක් ලබා දුන්නා කියලා.."

"ඒ කුමක්ද...."

"අහෝ..මා පැවසූවේ මා අසමත් වූ විට ඔබට සමත් වීමට ඇති අවස්ථාව වැඩි වනවානේ...ඔබනේ ජියොන්ග් කුමරුට ප්‍රේම කරන්නේ."

"ආහ්..ඔබ නම් වාසනාවට හමු වූ මිතුරියක්...".

සෝආ ට හා මිසෝට තම සන්වාදය ඉදිරියට ගෙන යෑමට නොහැකි වූයේ එතනට කඩාවැදුනු ජියොන්ග් කුමරු නිසාවෙනි.මිසෝ කුමරියගේ අතකින් දැඩිව අල්වාගත් ඔහු ඇයව රැගෙන ගොස් පාලු කොරිඩෝවක බිත්තියකට තල්ලු කළේය.

වීසි වී ගිය මිසෝ බිත්තියට වාරු වූවාය. දැවෙන දෑස් වලින් මිසෝ වෙත ලන් වූ ඔහු මිසෝ  දෑත් අතරට මැදි කරගත්තාය.
මවාගත් සන්සුන්කමකින්..,

"කුමක්ද ඒ සිදු කරේ...?"

ජියොන් කුමරුන්ගේ මුහුනට සරදම් සිනහවක් පෑ මිසෝ කුමරිය වෙන දිශාවක් දෙස බැලුවාය.

"පවසනවා තමුන් ඒ කුමක්ද සිදුකරේ.....!!!!!"

එත් අතකින් බිත්තියට ගසා කෑගැසූ ජියොන් කුමරු මිසෝ කුමරියව මදක් සලිත කිරීමට සමත් විය.

"පවසනවා....කුමක්ද ඒ සිදුකරේ..."

"සිදුකරේ මට සිදුකිරීමට අවශ්‍ය දේ."

හහ්..නුඹ සිතන් ඇති මාගෙන් මිදීයාමට..එසේ නේද.. මම කෙසේ හෝ ඔබ මාගේ බිරිඳ කරගන්නවා. ඔබට බෑ එයට එරෙහි වන්න.

"ප්‍රේමයක් නැතිව කෙලෙසද මා ඔබ සමග සිටින්නේ..ඔබට අවශ්‍ය මා නොවේ මාගේ රාජධානිය ..එය එසේ නේද කුමරුනි."

මිසෝගේ මුඛය එක් අතකින් තදින් අල්වාගත් ජියොන්ග් කුමරු ගිනිගත් දෑසකින් ඇයව දවාලූවේ ඇයව බියෙන් මුසපත් කරමිනි.

Until The Sun Rises ||  [✔️]Where stories live. Discover now