Chapter 05🌱🐝

568 154 172
                                    

You drove me crazy. You stole my heart. Let me stay in your heart💕

"හා..ආහ්....හ්ම්..."

ලාහිරු කිරන මුහුන මත කෙලිසෙල්ලම් කරමින් සිටින විට මිසෝ කුමරිය දෑත් වලින් දෑස් පොඩි කරමින් යහනින් බිමට බැස්සාය.

ලාහිරු කිරන මුහුන මත කෙලිසෙල්ලම් කරමින් සිටින විට මිසෝ කුමරිය දෑත් වලින් දෑස් පොඩි කරමින් යහනින් බිමට බැස්සාය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ආව්...ඌ.. ඇයි මගේ හිස මෙතරම් රිදුම් දෙන්නේ..ආහ්..මොකක්....ඌයි...කෙසේද කෙසේ ද මාගේ තොල තුවාල වූයේ."

තම මුහුන පුරා දෑත ගෙන ගිය මිසෝ කුමරියගේ ඇඟිලි අවසානයට නතර වූයේ ඇගේම දෙතොල් මතය.

"මම පෙර දිනයේ සිදුකලේ කුමක්ද..ආහ්..ආ..මම කිම් කුමරුන්ට යැදුම් කුලුණක් තනා දුන්නා..එපමනයි මට මතක."

මිසෝ තමාටම පවසාගත්තේ දෑතින් හිස අල්වාගෙන කුටියේ ඒ මේ අත යමිනි.

"ආහ්..."

මිසෝ එකවරම කුටිය මධ්‍යයේ නතරවූවාය.

"ඔහු මාගේ මුහුන ගලක ගැසුවාද. ..ඈ...නෑ නෑ..මූන ගලක ගැසුවා නම් මගේ මුහුන මෙසේ තිබෙන්නේ නැහැනේ..අනික උපකාරයක් කළ විට මුහුන ගලක ගසා ස්තූති කිරීම් සිදු කරන්නේ නැහැ නේ.මම සිතන්නේ මම ගහක වැදිලා...ඒකනේ මෙවැනි විකාර මේ පාන්දර කියවන්නේ. එලියට ගොස් නැවුම් වාතය විඳින්න ඕනේ..."

තම කුටියෙන් එලියට බට මිසෝට ඉදිරියට හමු වූයේ සෝආය.

"මිසෝ මිසෝ...."

"ආහ්..කිම්ද......"

"මිසෝ..කෙසේද ඔබේ දෙතොල තුවාල වූයේ..."

(ළමයි..මම වරහන් ඇතුලේ දාලා තියෙන්නේ මිසෝ හිතන ඒවා හරිද..ආ..මේක මිසෝ හිතපු එකක් නෙමේ 😂 මේක ඕතරයා කියන එකක්...)

"ආහ්..මගේද...මම බිම ඇදවැටුනා ඒනිසයි තුවාල වී තිබෙන්නේ."

"මා පැවසූවා ඔබේ තනියට මාත් පැමිනෙන්නම් කියා..ඔබ ඒත් තනිවම ගියානේ...ඒ....මිසෝ.....ඔබේ..ඔබේ ගෙලෙහි කෙසේද කිම් කුමරුගේ නලල් පටය තිබෙන්නේ......"

Until The Sun Rises ||  [✔️]Where stories live. Discover now