Dream or Life...⏳

534 127 336
                                    

Chapter 01

කුමරියක්.....කුමරෙක්......

උද්‍යානයක තරු පිරි රාත්‍රියක සිටින මුහුනක් රහිත තරුණයා..

චන්ද්‍රයා පායා තිබූ රැයක ලැබුනු උනුසුම් හාදුවක්....

සියල්ල සුනු විසුනු කොට පැමිණෙන පුද්ගලයෙක්...

අසිපතක්....

අසරුවෙක්...

කඳුලු....

රුධිරය.....

එකට වෙලුනු දෑතක්....

මම උඹලගෙන් පලිගන්නවා....!!!!

දහඩිය පිරුනුවතින් කෑගසාගෙන ඇහුරුන Mi young  ඇඟේ හැම තැනම අල්ලලා බැලුවේ කෑල්ලක් හරි නැද්ද කියලා.  සුපුරුදු විදියට සතියකට පාරක් පේන මේ හීනේට පින්සිද්ද වෙන්න mi young  ට බෙරිහන් දීගෙන නැගිටින්න පුලුවන් වුනා.

"Kimi...අදත් දැක්කද අර බහුබූත හීනේ....දැන් ඇඳට වෙලා ඕක ගැන කල්පනා කර කර ඉන්නේ නැතුව එන්න උදේට කන්න.college  යන්න පරක්කු වේවි. කෝ බැස්සද ඇඳෙන්"

"එනවා ඔම්මා......"

මම mi young ...ඒත් හැමෝම කියන්නේ kimi කියලා..ඒක මට දැම්මේ v ..හෝව් හෝව්. .ඒ මගේ කොල්ලා නෙමෙයි හරිද.
සතියකට පාරක් මම මේ හීනේ දකිනවා හැමදාම එකම ටික..මුල් කාලෙදි නම් මම හොඳටම බය උනා...ඒත් දැන් ඒකට පුරුදු වෙලා...ඉස්සර තරම් මම බය වෙන්නේ නෑ දැන්.  ඒ හීනේ ඉඳපු කෙල්ල මම නිසා තමයි මම ගොඩක්ම ඒකට බය...දැනුත් මම තමයි ඉන්නේ හීනේ..හැබැයි වැඩේ කියන්නේ හිනේ ඉන්න කොල්ලා..කොල්ලා නෙමේ කුමාරයා.එයාගේ මුන මට පේන්නේ නෑ ..ලස්සනද කැතද කියලාවත් බලාගන්න විදිහක් නැති හැටි..හීනේ විදිහට එයා මගේ husband ...මම හිතන්නේ...
කොහොම උනත් අර අන්තිමට කෑගහන කොල්ලට පින්සිද්ද වෙන්න මම සතියකට පාරක් දාඩිය පෙරාගෙන ඇහැරෙනවා..

"Kimi....ඔයා පහලට ආවේ නෑ තාම.."

"එනවා ඔම්මා එනවා.."

මම පවුලේ එකම ලමයා....ඉතින් ආදරේ වැඩී

"Kimi....."

"එනවෝ"

At college 🏬

"මොකෝ බන් අර kimi ජනේලෙන් එලිය කන්න වගේ බලන් ඉන්නේ.කොල්ලෙක්වත් එලියේ ඉන්නවද"

Until The Sun Rises ||  [✔️]Where stories live. Discover now