Chapter 09🏹💔

498 138 160
                                    

                Love is not a sin. Sin is hating that love.
                              So live. Let others live
         ☘️🍁☘️🍁☘️🍁☘️🍁☘️🍁☘️🍁☘️🍁☘️🍁☘️🍁☘️🍁

උද්‍යානය දෙසට ඇවිදයමින් සිටි මිසෝ කුමරියට සඳ එලිය තුලින් ඇස ගැටුනේ ආගන්තුකයෙකි.
මාලිගයේ ආලෝකය ඇති ස්ථාන මගහරිමින් අඳුරේ වල පිට පරීක්ෂා කරමින් ඉදිරියට යන ඔහු දුටු මිසෝ කුමරියට සැකයක් ජනිත විය.
සටන් ශිල්පයෙහි පරිපූර්ණයෙකු වූ කුමරියහඬ නොනැගෙන සේ ආගන්තුකයා ලුහුබැඳීම ආරම්භ කළාය.
ඔහු ඇතුලු වූයේ මෙතෙක් කුමරිය මාලිගාවේ නොදුටු කුටියකටය.

අඳුර තුල ගුලිවූ ඇය කුටිය තුලින් ගලාඑන කතාබහට ඇහුම් කම් දුනි.

"ඔබ පැමිණියාද..."

ආහ්....ජියොන් කුමරුන්ගේ කටහඬ...
මිසෝ කුමරියගේ සිත කුතුහලයෙන් පිරුණි

"එසේය."

නාඳුනන ආගන්තුකයෙක් මලිගයෙ රහස් කුටිය තුලට ඇතුලු වී මුහුනු ආවරණය ඉවත් කොට තම අනනන්‍යතාවය තහවුරු කලේය.

"හ්ම්..මෙතනින් අසුන් ගන්න."

"කිම් කුමරු ඔහුගේ සීමාව ඉක්මවා යනවා...ඔහුව ඉවත් කර දැමිය යුතුය.නැතිනම් මට අවශ්‍ය ආකාරයක මාගේ සැලසුම ක්‍රියාත්මක කළ යුතුය."

"රජතුමා දැන ගතහොත් මෙය....?"

"ආහ්..ඒ මහල්ලා....ඔහු අසනීපයෙන්.. ඔහුගේ ශරීරය සෞඛ්‍ය පිරිහෙමින් පවති.ඔහුට මෙය ආරන්චි වුවත් ඵලක් නැහැ."

"එසේනම් මා නුදුරු දිනකදීම මාගේ කාර්‍ය ඉටු කරන්නම්.ඔහු නිතර ගැවසෙන ස්ථාන පවසන්න."

"උද්‍යානය ....එහි තමා ඔහු ගැවසෙනුයේ"

"හොඳමයි...මා සූදානම් වන්නම්."

"හ්ම් ..පිටවයන්න"

"එවිට...එ..සේනම්.....එසේනම් ජියොන්ග් කුමරු සූදානම් වන්නේ කිම් කුමරුන් මරා දැමීමටද...."

තවත් අඳුරට ගුලි වූ ම්සෝ කුමරිය පිටවන ඉකිය සඟවා ගැනීමට තම මුව අතින් තදකොට වසාගත්තාය.

〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️

"මා කුමක්ද මෙයට සිදු කරන්නේ ..."

Until The Sun Rises ||  [✔️]Where stories live. Discover now