Chapter 3🍼

979 255 49
                                    

"දෙයියන්ගෙ නාමෙට මොකක් හරි කරල ඔය ළමයගෙ කට වහන්න!"

යුන්ගි කොට්ටෙන් කන් දෙක තද කරල වහගෙන කෑගැහුවේ ආයෙ පාරක් බබා ඇහැරිලා අඩන්න පටන්ගද්දි.

බබාව ලැබුන පලවෙනි දවසෙම, නයෝන් 4 වතාවක්ම රෑ දෙගොඩ හරියෙ ඇහැරිලා ඇඩුවා.එතකොට වෙලාව පාන්දර දෙකයි.ඒ 4 වතාවම අහැරෙන්න වුනේ මිසෝට.මොකද යුන්ගි එයාගෙ ආදරණීය නින්ද කැපකරන්න අකමැති නිසා.

"ඔක්කොටම කලින් ඔයාගෙ කට වහගන්න! මට විතරක් කෑගහන්නෙ නැතුව උදව් කරොත් ඔයාගෙ ඇගෙන් කෑල්ලක් යනවද?"

මිසෝ තරහෙන් එහෙම කියන ගමං ඇදෙන් නැගිටලා වැනි වැනි ගියේ එයාලගෙ කාමරේ කොනක තිබුන චූටි ඇද ගාවට.

"මං කලින්ම කිව්වනෙ, මට ඕකත් එක්ක මුකුත් කරන්න ඕන නෑ කියලා" යුන්ගි ඇදේ එහාපැත්තට හැරිලා ඔලුවෙ ඉදං බෙඩ්ශීට් එක පොරවගන්න ගමං කිව්වා.

"හාල්පාරුවා...." මිසෝ යුන්ගි දිහා බලල මුමුණන ගමං නයෝන්ව වඩාගෙන එයාව නළවගන්න උත්සහ කරා.

නයෝන් මිසෝගෙ කොණ්ඩෙ එයාගෙ චූටි ඇගිලි වල පටලවගෙන ඒ එක්ක සෙල්ලම් කරන්න පටන් ගද්දි දන්නැතුවම එයාගෙ ඇඩිල්ලත් හෙමීට අඩු වුනා.මිසෝ බබාව වඩාගෙන කිචන් එක පැත්තට ගිහින් බිම තිබ්බ බබාලගෙ කොට්ශීට් එක උඩින් එයාව තියලා, එයාගෙ චූටි ටෙඩි බෙයාව එයාගෙ අතට දුන්නා.වැඩක් වුනේ නෑ, බබා ආයෙත් අඩන්න ගත්තා.

මිසෝ හොද හුස්මක් අරං පහල දාලා ඉක්මනට ගිහින් බබාගෙ කිරි එක හදන්න ගත්තා.ඒකෙ රස්නෙ ඇතිද කියල හරියට බලලා, මිසෝ බබාව අරං සෝෆා එක උඩින් තිබ්බා.

"Mmm~ la la la la~"

මිසෝ සින්දුවක් හෙමීට මුමුණන ගමං බබාට කිරි බෝතලේ පෙව්වා.ඒක බීල ඉවරවුනාට පස්සෙ බෝතලේ පැත්තකින් තියලා, බබාව උරහිසේ තියාගෙන හිටියෙ බබාට burps යනකම්.ඒකෙන් පස්සෙ බබාට ආයෙත් ටිකටික නින්ද යාගෙන එද්දි මිසෝ එයාව අරගෙන ගිහින් එයාගෙ ඇදෙන් තියලා, තමන්ගෙ ඇදට වැටුනෙ පුදුම තරං මහන්සියකින්.

_________________________________________

Miso's pov

"මිසෝ!!"

The Baby Project👶 [TRANSLATED][COMPLETED]Where stories live. Discover now