Chapter 5🍼

959 265 103
                                    

"අද අපි පාර්ක් එකට යමු"

යුන්ගි නයොන් එක්ක එයාගෙ චූටි ටෙඩි බෙයාව අතේ තියාගෙන සෙල්ලම් කර කර ඉන්න ගමන් කිව්වා.මිසෝ හිටියේ රෑට කන්න හදන්නෙ මොනවද කියලා කල්පනා කර කර.

"හා, එ් එන ගමන් grocery store එකට යන්නත් ඕනි.මම රෑට කන්න රොටි හදන්න හිතං ඉන්නෙ"

"අහ්...ඇත්තටම මම dinner වලට ආරිම්,ටේ දෙන්නටත් එන්න කිව්වා...ඔයාට එයාලව⁣ ගොඩ දවසකින් හම්බෙන්නත් බැරි වෙච්ච නිසා..." යුන්ගි unsure විදිහට කියන ගමං බිම බලාගෙන ඔලුව කසන්න ගද්දි මිසෝගෙ කට කොනට හිනාවක් ආවා.

"Awww යුන්ගී...ඔයා හරි හොඳයිනේ" මිසෝ යුන්ගිව ටිකක් අවුස්සන්න එහෙම කියද්දි යුන්ගි උගුර පාදලා නයෝන්ව වඩාගත්තෙ ම්සෝට තමන්ගෙ රත් වෙච්ච මූණ පේන්නෙ නැති වෙන්න.

"හැබැයි ඉතිං මට 4 දෙනෙක්ට තනියම කන්න හදන්න බෑ.ඒ නිසා මට උදව් කරන්න හරිද? ආ, අනිත් එක මට මතක් කරන්න එද්දි පරාතා රොටි ගන්න"

 

"මොනාද පරාතා රොටි කියන්නෙ?"

"ඒක premade රොටි වගේ එකක්.එතකොට මට ඒව හදන්න එච්චර මහන්සි වෙන්න ඕනි නෑ.ඔයාට පුලුවන්ද නයෝන්ගෙ buggy එකයි toys ටිකයි ගන්න? මං එයාගෙ කිරි එකයි තොප්පියයි ගන්නං" මිසෝ එහෙම කියලා කිරි එක ගන්න කිචන් එකට ගියා.

(A/n:- buggy කියන්නෙ baby pram එකට.)

___________________________________________________

පාර්ක් එකේ තියෙන side walk path එකේ මිසෝ baby buggy එකේ දාගෙන නයෝන්ව තල්ලු කරන් යද්දි මිසෝගෙ එහාපැත්තෙන් යුන්ගි ඇවිදං ආවෙ ටොෆියකුත් සූප්පු කර කර.

   "මම මේක විසික් කරල එන්නම්" යුන්ගි මිසෝට ටොෆි කොලේ පෙන්නලා යද්දි මිසෝ එතන ළඟ තිබුන බංකුවකින් වාඩි වුනා.පාර්ක් එකේ ඇවිදින්න ආපු මිනිස්සු, සෙල්ලම් කරන ළමයි දිහා බල බල මිසෝ buggy එකෙන් බබාව එලියට ගත්තා. නයෝන් මිසෝ දිහා එයාගෙ දුඹුරු පාට ඇස් දෙක ලොකු කරන ගමන් බලාගෙන, එයාගෙ baby gums පෙන්නලා හිනාවෙලා මිසෝගෙ අැඟිල්ලක් අල්ලගන්න එයාගෙ චූටි අත දික්කරා.

  "එයා හරිම හුරුබුහුටියි"  පිටිපස්සෙන් ඇහිච්ච කටහඬක් නිසා මිසෝ හැරිලා බලද්දි එයා දැක්කෙ තමන්ගෙම වයසෙ වගේ ඉන්න පිරිමි ළමයෙක් හිනාවෙලා තමන් දිහා බලාගෙන ඉන්න හැටි.

The Baby Project👶 [TRANSLATED][COMPLETED]Where stories live. Discover now