Chapter 13 🍼

838 238 26
                                    

"මට යන්නම වෙනවද?" Jaehyuk මිසෝ දිහා puppy ඇස් වලින් බලල ඇහුවා.

"Sorry Hyukie, ඔයා දන්නවනෙ මට කරන්න දෙයක් නෑ කියලා.ඔයාගෙ බෑග් එකට මම කොළයක් දැම්මා.ඒකෙ මගෙයි අප්පාගෙයි phone numbers තියෙනවා.ඔයාට අපි නැතුව පාලු හිතුනොත්,එතන ඉන්න ලොකු කෙනෙක්ට කියලා අපිට call එකක් දෙන්න හොඳද?" මිසෝ එහෙම කියද්දි පොඩි එකා දුකින් වගේ ඔලුව වැනුවා.

මිසෝ හොඳ හුස්මක් පහල දාලා Jaehyukගෙ ඔලුව අතගාලා කොල්ලට කිස් එකක් දීලා එයාගෙ බෑග් ටික පැක් කරන්න ගියා.Baby project එක කරන ළමයින්ට අද ඉඳලා සතියක නිවාඩුවක් ලැබෙනවා.මිසෝයි යුන්ගියි හිතං ඉන්නෙ ඒ සතියෙ තම තමන්ගෙ ගෙවල් වලට ගිහින් ඉන්න.ඒ සතිය ගෙවෙනකන් එයාලා බලාගන්න ළමයින්ටත් ආයෙත් Adoption center එකට යන්න වෙනවා.

"Hey, ඔයා ලොකු චණ්ඩි කොල්ලෙක් නේද?"  යුන්ගි කාමරේ ඇතුලට ඇවිත් Jaehyukගෙ ගානට නැවෙන ගමන් ඇහුවා.

Jaehyuk ඔව් කියන්න වගේ ඔලුව වැනුවා.

"ඔයා දන්නවද  ලොකු චණ්ඩි කොල්ලන්ටත් සමහර වෙලාවට එයාලගෙ පවුලෙ අය නැතුව පාලු හිතෙනවා කියලා?"  යුන්ගි මෘදු විදිහට එහෙම ඇහුවා.

පොඩි එකා නැහැ කියන්න ඔලුව වැනුවා.

"එහෙම වෙද්දි එයාලා එයාලගෙ පවුලෙ අයට කතා කරනවා.ඒ නිසා ඔයාට ඕනෙ වෙලාවක අපිට කතා කරන්න දෙපාරක් හිතන්න එපා හොඳද? අපි ඕනම වෙලාවක ඔයා වෙනුවෙන් ඉන්නවා"  යුන්ගි හරිම මෘදු විදිහට හිනහවෙලා Jaehyukට කිව්වා.

"ඔයාටත් ඔයාගෙ පවුලෙ අය නැතුව පාලු දැනෙනවද අප්පා?" Jaehyuk ඔලුවත් පැත්තකට හරවගෙන ඇහුවා.

එහෙම ප්‍රශ්නයක් බලාපොරොත්තු නොවෙච්ච යුන්ගිට එකපාරට ඒකට උත්තරයක් දෙන්න බැරි වුනා.

"අහ්....සමහර වෙලාවට? ඔව්, සමහර වෙලාවට.එහෙම වුනාම මමත් එයාලට කෝල් කරනවා"

"ඒ කියන්නෙ ඇත්තටම ලොකු චණ්ඩි කොල්ලන්ටත් පවුලෙ අය නැතුව පාලුයි නේද?"  Jaehyuk හිනාවෙලා එහෙම අහද්දි යුන්ගිත් හිනාවෙලා පොඩි එකාව ළඟට අරගෙන බදාගත්තා.

"කෝ එන්න ළමයි, දැං අපි පහලට යන්න ඕනි" මිසෝ Jaehyukගෙ බෑග් ටිකත් උස්සන් එන ගමන් කිව්වා.

The Baby Project👶 [TRANSLATED][COMPLETED]Where stories live. Discover now