Chapter 15 🍼

835 246 12
                                    

"ඔයා අද අම්මලගෙ ගෙදර යන්න නේද හිටියෙ?දැං මොකද ඒකට කරන්න ඉන්නෙ?" ඊළඟ දවසෙ උදේ කෑම කන්න ලෑස්ති වෙන ගමන් යුන්ගි මිසෝගෙන් ඇහුවා.

"අනේ මන්දා අනේ" මිසෝ උරහිස් දෙක හකුලුවන ගමං කිව්වා.

"එහෙම කියල හරියනවද?"

"මෙහෙමයි, මට අදහසක් තියෙනවා ඒත් මට sure නෑ ඒක එච්චර හොඳ එකක්ද නැද්ද  කියලා"

"කියන්නකො බලන්න"  යුන්ගි පුටුවට හේත්තු වෙන ගමං කිව්වා.

"මට අපේ ගෙදර අයගෙන් අහන්න පුලුවන් Hyukieටයි ඔයාටයිත්-"  මිසෝ ඉවර කරන්න කලින් ගෙදර doorbell එක වැදුනා.

"රෑ තිස්සෙයි උදේ පාන්දරයි කවුද අප්පා හැමතිස්සෙම?"  යුන්ගි නිදිමතේ කෙඳිරිගාද්දි මිසෝ නැගිටලා ගිහින් ඉස්සරහ දොර ඇරියා.

"Teacher?"

"Good morning, මට අහන්න ලැබුනා ඊයෙ රෑ වෙච්ච දේ ගැන.මම මේ ආවෙ ඔයාල දෙන්නව බලල යන්න.මොකක් හරි ප්‍රශ්නයක් එහෙම තියෙනවද?"

"නෑ teacher, Jaehyuk තවම නිදි"  මිසෝ එහෙම කියන ගමං teacherට ඇතුලට එන්න දීලා අයින් වුනා.

"හරි, යුන්ගි ඇහැරිලාද?"  එයා එහෙම අහද්දිම යුන්ගි කෝප්පෙකුත් අරගෙන එතනින් මතු වුනා.

"හරි එහෙනම්, මමයි ඔයාලව අධීක්ෂණය කරන අයයි දෙයක් සාකච්ඡා කළා.මට දැනගන්න ඕනෙ ඔයාලා ඒකට කැමතිද නැද්ද කියලා..."  teacher සෝෆා එකෙන් වාඩි වෙන ගමන් කිව්වා.

"මටත්, ඔයාලගෙ mentorsලටත් ගොඩක් සතුටුයි ඔයාලා දෙන්නා සතියක නිවාඩුවක් දීලා තියෙද්දිත් කිසිම ප්‍රශ්නයක් නැතිව ඔය දෙන්නගෙ බබාව ආයෙත් බාරගත්ත එක ගැන.ඒ නිසා අපි හිතුවා ඔයාලගෙ නිවාඩුව තව සතියකින් වැඩි කරන්න.ඒ නිසා ඔය දෙන්නට lessons වලට සහභාගී වෙන්න තියෙන්නෙ සතියක් අඩුවෙන්.මම විශ්වාස කරනවා ඒ සම්බන්ධව ඔයාලගෙ classmatesල ඔයාලට උදව් කරයි කියලා.හැබැයි මේ හැම එකක්ම ඔය දෙන්නම කැමතිනම් විතරයි..."

  මිසෝ හිතන්නත් කලින් යුන්ගි ඒකට උත්තර දුන්නා.

"ආයෙ අහන්න දෙයක් නෑ Teacher.අපි කොහොමත් වැඩිපුර ලැබෙන නිවාඩුවකට බෑ කියන්නෙ නෑනෙ"  කොල්ලා අත් දෙකත් හරහට බැඳගෙන ආඩම්බරකාර හිනාවක් එක්ක කියද්දි teacher⁣ට හිනහ ගියා.

"හරි එහෙනම්,ඔයාලට ඔයාලගෙ වැඩ plan කරගන්න දීලා මම දැං යන්-" 

  "හෙලෝ මම Jaehyuk, ඔයා කවුද?"  පුංචි Jae එකපාරටම මතු වෙලා ඇවිත් ඇහුවේ යුන්ගිගෙ කකුල් දෙක පිටිපස්සට වෙලා හැංඟිලා.

"හෙලෝ, මම තමා ඔයාව හදාගන්න ගත්තු අම්මගෙයි තාත්තගෙයි teacher" 

  Jaehyukගෙන් ඒකට ප්‍රතිචාරයක් ලැබුනෙ නෑ.මොකද එයා teacher කෙනෙක් කියන්නෙ කවුද කියන එක දැනං හිටියෙ නැති නිසා.කොල්ලා දිගටම ඇස් දෙක ලොකු කරං බලං ඉද්දි teacher හිනාවෙලා එයාගෙ ඔලුව අතගෑවා.

  "හරි එහෙනං මම යන්නම්.ඔයාලගෙ නිවාඩු කාලය හොඳින් ගත කරන්න!" Teacher එහෙම කියලා යන්න ගියා.

  "Teacher කෙනෙක් කියන්නෙ මොකද්ද?" Jaehyuk ඇස් ලොකු කරං මිසෝ දිහා බලාගෙන ඇහුවා.

  "අපිට දේවල් උගන්නන කෙනාට.ඔයා ඉස්කෝලෙ යන්න ගත්ත දාට ඔයාටත් එහෙම කෙනෙක්ව ලැබෙයි"  මිසෝ හිනාවෙලා පොඩි එකාගෙ ඔලුව අතගෑවා.ඊට පස්සෙ තුන්දෙනාම ආයෙත් kitchen එකට ගිහින් මේසෙ ඉඳගත්තෙ උදේට කන්න.

  "ඔයා මොකද්ද දැං මේ holiday situation එකට කරන්න හිටියයි කිව්වෙ?" යුන්ගි එයාගෙ සැන්විච් එක හපන ගමන් ඇහුවා.

   "හරි, මං මුලින් හිතුවෙ මං අපේ ගෙදර අයගෙන් අහන්නම් කියලා ඔය දෙන්නටත් මාත් එක්ක දවස් කීපයක් ඉන්න පුලුවන්ද කියලා.දැං අපිට සති දෙකක්ම තියෙන එකේ අපේ ගෙදර සතියකුයි, ඔයාගෙ ගෙදර සතියකුයි ඉන්න පුලුවන්නෙ?"  මිසෝ එහෙම suggest කරා.

  "අවුලක් නෑ.Hyukie ඔයා මොකද කියන්නෙ? ඔම්මාගෙයි අප්පාගෙයි ගෙදර අයව මුණගැහෙන්න කැමතිද?"  යුන්ගි සැන්විච් එකට වඩා කට වටා ජෑම් ගාගෙන හිටපු Jaehyukගෙන් ඇහුවා.

   "ඔබු!!!"  කටත් පුරවගෙනම පොඩි එකා කෑ ගැහුවා.

   "Jae, කටේ කෑම තියාගෙන කතා කරන්න එපා.ඒක නරක පුරුද්දක්...." මිසෝ එහෙම කිව්වා.

    "හරි එහෙනම් අපි කවද්ද යන්නෙ?"

The Baby Project👶 [TRANSLATED][COMPLETED]Where stories live. Discover now