Chapter 17 🍼

1K 253 75
                                    

(Miso POV)

"හරි,මට මේ ගැන හිතන්න වැඩිය වෙලාවක් හම්බුනේ නෑ.ඒත් මිසෝගෙ ඇඳේ දෙන්නෙක්ට නිදාගන්න පුලුවන්.යුන්ගිට air mattress එකේ නිදාගන්න පුලුවන්නෙ. මන්දන්නෑ,බාත්රූම් එකේ ඇරෙන්න ඕන තැනක නිදාගන්න.ඔය දෙන්නට තීරණේ කරගන්න පුලුවන්නෙ? බැරි වුනොත්,මාව ඇහැරවන්න එපා ඔයාලගෙ අම්මව ඇහැරවගන්න හරිද?Good night ලමයි"  අප්පා මගෙ ඔලුවත් අතගාගෙන ඈනුමකුත් අරින ගමන් එයාගෙ කාමරේට ගියා.

  යුන්ගි මාළුවෙක් වගේ කට ඇරගෙන ඉන්න විදිහ දැකල මං හිනාව නවත්ත ගත්තෙ හෙන අමාරුවෙන්.ඇත්තමයි, එයාගෙ මූනෙ තිබ්බෙ සල්ලි දීලා ගන්න බැරි පෙනුමක්!

"ඔයාලගෙ අප්පාගෙ සාමාන්‍ය විදිහද ඒ?" ටිකක් වෙලා ගියාට පස්සෙ යුන්ගි එයාගෙ ඇරිල තිබ්බ මාලු කට වහගන්න ගමං එහෙම ඇහුවා.

"එයා එහෙම තමා" අනුෂ්කා එහෙම කියන ගමන් එයාගෙ කාමරේට ගියේ යුන්ගි වෙච්ච දේවල් සේරම ටික ඔලුවට process කරගන්න try කරද්දි.

____________________________

(3rd POV)

"ඒ කියන්නෙ අද අපිට තුරුල් වෙලා ඉන්න බැයිද?"  Jaehyuk දුකෙන් වගේ තොල් දෙකත් උල් කරගෙන එහෙම ඇහුවෙ මිසෝ යුන්ගි දෙන්නා පණ දාගෙන air mattress එක හරිගස්සද්දි.

"අද නම් බැහැ buddy" යුන්ගි පොඩි එකාගෙ ඔලුව අතගාන ගමන් කිව්වා.

  "ඇයි ඒ?" Jaehyuk ඔලුව පැත්තකට හරවං ඇහුවෙ එයාගෙ මිකී මවුස්ගෙ වම් කනෙන් අල්ලගෙන ඉන්න ගමං.

  "මොකද ඔම්මගෙ parentsලා එපා කිව්ව නිසා.අපි ලොකු අය කියන දේ අහන්න ඕනනෙ"

   Jaehyuk ඒකට කිසිම ප්‍රතිචාරයක් නොදී යුන්ගි හරි ගස්සපු air mattress එක දිහා බලාගෙන හිටියා.ඊටපස්සෙ එක පාරට ඇවිත් ඒක උඩ උඩ පනින්න පටන් ගත්තා.

  "මේක හරි ෂෝයි! මාත් මේකෙ නිදාගන්නද??"  Jaehyuk උඩ පනින ගමන් යුන්ගිගෙන් ඇහුවෙ ඇසුත් ලොකු කරන්.

  "කමක් නෑ, දැං ඔය පනින එක නවත්තමු නේද?"  යුන්ගි හිනාවෙවී Jaehyukගෙ ඉන දෙපැත්තෙන් අත් දෙක තියල අල්ලගත්තෙ තව උඩ පැන්නොත් මෙට්ටෙ හුළං බහී කියල හිතලා.

   වැඩි වෙලාවක් යන්න කලින් මිසෝටයි Jaehyukටයි දෙන්නටම නින්ද ගිය බව එයාලා හුස්ම ගන්න තාලෙන් යුන්ගිට තේරුණා.මිසෝ එයාගේ ඇඳේ තියෙන ඉඩ ප්‍රමාණය හොඳට ප්‍රයෝජනයට අරං අත් පය දිග ඇරලා නිදාගද්දි, Jaehyuk යුන්ගිට තුරුල් වුනා.යුන්ගි හෙමිහිට කොල්ලගෙ ඔලුව අතගෑවෙ හරිම මෘදු විදිහට එයා දිහා බලාගෙන.අඳුරෙම ටිකක් ඔලුව උස්සලා මිසෝ දිහාත් බලපු යුන්ගිගෙ මූණේ හිනාවක් ඇඳිලා හෙමීට මැකිලා ගියා.

The Baby Project👶 [TRANSLATED][COMPLETED]Where stories live. Discover now