Chapter 4🍼

974 265 63
                                    

1 week later

Yoongi's pov


වෙලාව පාන්දර 3.00යි.

ඒත් මට නින්ද යන්නෑ.

පස්වෙනි පාරටත් මං ඇඳේ අනිත් පැත්තට හැරුනා.එතකොට මම දැක්කෙ මිසෝගෙ ඇඳ.හැබැයි එයා එතන හිටියෙ නැහැ.

මම බබාව කාමරෙන් අයින් කරන්න කිව්ව දවසෙම එයත් බබා එක්ක සාලෙ නිදාගන්න ගියා.

මම හිතු⁣වෙ නැහැ මේ කෙල්ල ඒක serious ගනී කියලා.එයා ඒ බබාට ඇත්තටම ආදරෙයි වගේ....

මට මතක්වුනේ ඊයෙ හවස මට ඇහිච්ච දේවල් ගැන....


*flashbacks*

"ආරි, මං හිතන්නෙ මං ඔයා සතියකට කලින් කියපු දේ කරානං හොඳයි කියලා"

මට සාලෙ ඉඳං මිසෝ කියන එක ඇහුනා.

"ඇති යන්තං ඔයාට මොලේ පෑදුනා. වැරදියට හිතන්න එපා කෙල්ලෙ, ඔයා නිකං hospital එකකින් පැනල ආපු ලෙඩෙක් වගේ මට පේන්නෙ" මිසෝගෙ යාලුවාගෙ කටහඬත් මට ඇහුනා.

"I know හලෝ....මං-"  එක පාරටම බබා අඬන්න ගත්ත නිසා මිසෝ කියන්න හදපු එක නැවැත්තුවා.

"ඔන්න...මං තියන්නං ආරි.නයෝන්ට කිරි හදල දෙන්න ඕනෙ.පස්සෙ කතා කරමු..."

*end of the flashback*


එයා බබාව බලාගන්න ඇත්තටම ඕනවටත් වඩා මහන්සි වෙනවා.

අද මිසෝගෙ යාලුවන්ගෙ පාටි එකක් තිබුනා.එයා මගෙන් ඇහුවා අදට විතරක් බබාව මට බලාගන්න බැරිද කියලා.ඒත් මම බෑ කිව්වා.

මට එහෙම නොකර ඉන්නයි තිබුනෙ....


මම හිතන්නෙ එයා project partnersලව මාරු කරගන්නයි හදන්නෙ.

Shit.

මං ඕනවට වඩා නරක විදිහට හැසිරුනේ.

මට කොහොමත් මේ project එකෙන් ලැබෙන grade එක වැඩක් නෑ.

ඒත්...ළඟදි ඉඳන් එයා ගෙදර ඉන්න වෙලාවට මට හරි comfortable හැඟීමක් දැනෙනවා.


මම එයාට වැඩ ලේසි වෙන විදිහට මං වැඩ කරන විදිහත් ටිකක් වෙනස් කරා.මම දැං මම කන බොන දේවල් අස් කරනවා.හවස 6න් පස්සෙ සින්දු දාන්නෙත් නැහැ.ඒත් එයා ඒක එච්චර notice කරන්නැතුව ඇති.



The Baby Project👶 [TRANSLATED][COMPLETED]حيث تعيش القصص. اكتشف الآن