Chapter 14 🍼

840 236 16
                                    

මිසෝගෙයි යුන්ගිගෙයි Date එක සතුටුදායක විදිහට ගියා.Apartment එක ළඟ තිබුන cute  restuarant එකකට ගිහින් ඒ දෙන්නා Dinner ගත්තා.ඊටපස්සෙ cinema එකට ගියා movie එකක් බලන්න.යුන්ගි Dinner වලට සල්ලි ගෙවද්දි මිසෝ movie tickets වලට ගෙව්වා.

"මිසෝ ඔයා ඇයි වියදම් කරන්නෙ? මමනෙ පිරිමි ළමයා,මමයි ඔයාව date රකට එක්කං ආවෙ.එතකොට මායි ගෙවන්න ඕනි" 

"ඔයා මං වෙනුවෙන් වියදම් කරන්න ඕනෙ නෑ යුන්ගි.මට ඔය social standards වලින් වැඩක් නැහැ" මිසෝ යුන්ගි දිහා බලල හිනාවෙලා කිව්වා.

"හරි එහෙනං,හැබැයි මම snacks වලට ගෙවනවා හරිද?"  Popcorn section එකට යන ගමං යුන්ගි කිව්වා.

"ඇයි ඔයා ඔච්චර වියදම් කරන එක ගැන වදවෙන්නෙ යුන්ගියා?"  මිසෝ ඇස් දෙක පුංචි කරලා ඇහුවා.

"මට ඕනෙ ඔයාට පුලුවන් හැමදේම දීලා ඔයාව spoil කරන්න මිසෝ.අපේ තාත්තා එක්ක අම්මා ඉන්නෙත් ඒකයි.මං කැමති නෑ ඔයා මම දිහා වැඩකට නැති කෙනෙක් වගේ හිතලා මාව අතඇරලා යනව-"  යුන්ගිට ඉවරකරන්න නොදී මිසෝ කොල්ලගෙ අත කෙනිත්තුවා.

"ඒයි මෝඩයෝ,මං මොකටද ඔයාව අතඇරලා යන්නෙ? මට ඕන කරන්නෙ ඔයාගෙ සල්ලි නෙවේ.මාව maintain කරන්න ටිකක් අමාරුයි.මට ඕනෙ වැඩිපුර ආදරෙයි, ලොකුම ලොකු අවධානෙකුයි.ඒ වගේම ඔයා මාව spoile කරන්න හදනවා වගේ මටත් ඔයාව spoile කරන්න ඕනෙ"  අන්තිම ටික කියන ගමං කෙල්ල ඇහැක් ගහද්දි කොල්ලගෙ මූනේ ලොකුම ලොකු gummy smile එකක් ඇඳුනා.

"ඔයාව maintain කරන්න අනිත් කොල්ලන්ට අමාරු ඇති.ඒත් මට එහෙම නෑ.ඒ වගේම මමයි snack වලට වියදම් කරන්නෙ.ඊළඟ සැරේ date එකේදි ඔයා ගෙවන්න" යුන්ගි සල්ලි ගෙවන්න wallet එක ගන්න ගමං කිව්වා.

"ඊළඟ පාර?" මිසෝ කට කොනින් හිනා වෙලා ඇහුවා.

"මං වගේ කොල්ලෙක් එක්ක ආයෙ පාරක් date එකකට එන්න කැමති නැති වෙන්න ඔයාට තියෙන සාධාරණ හේතුව කියන්න බලන්න"  යුන්ගි මිසෝගෙ අතින් අල්ලන් cinema hall එක පැත්තට යන ගමං එහෙම අහද්දි කෙල්ලට හයියෙන් හිනා ගියා.

"හරි හරි ඔයා දින්නා"

_________________________________

*KNOCK KNOCK*

The Baby Project👶 [TRANSLATED][COMPLETED]Opowieści tętniące życiem. Odkryj je teraz