Chapter 22 🍼

650 184 11
                                    

"අපි ඕන කරන දේවල් සේරම ගත්තද???" මිසෝ හයියෙන් කෑගහලා යුන්ගිගෙන් ඇහුවා.

ඉස්කෝලෙන් තීරණය කරලා තිබ්බා baby project එකට සම්බන්ධ වෙලා ඉන්න ළමයි ටිකව අරගෙන beach එක පැත්තට පොඩි විනෝද චාරිකාවක් යන්න.හැමෝම බලාගෙන හිටියෙ මේ දවස එනකම්.

"ඔක්කොම හරි, මේ පොඩි දඟ කොල්ලව තමා තවම අල්ලගන්න බැරි වුනේ!!" යුන්ගි කෑ ගහල අනිත් පැත්තට කියනවත් එක්කම කාමරේ ඇතුලෙ ඉඳන් චූටි කොට කලිසමක් ගහගත්තු Jaehyuk කෑගගහ හිනාවෙවී මිසෝ ඉන්න දිහාවට දුවගෙන ආවෙ පුදුම වේගෙකින්.

"ඔම්මා!! අප්පා මාව අල්ලගන්නයි යන්නෙ!!" එහෙම කියපු Jaehyuk කෙලින්ම ඇවිත් මිසෝගෙ කකුල් දෙක පිටිපස්සෙ හැංඟුනා.

"මෙහෙට එන්න buddy, ලොකු පිරිමි ළමයි හැමෝම කලිසමක් අඳින්න ඕනනෙ..."  Jaehyukගෙ කලිසම අතේ තියාගෙන යුන්ගි නහයත් වකුටු කරන් වැනි වැනි එන හැටි දැක්කම මිසෝට හිනා ගියා.

  
"ඔම්මා, ඔයාගෙ පුතා කියන දේ අහන්නෑ" යුන්ගි Jaeගෙ ස්විමින් ට්‍රන්ක්ස් දෙක මිසෝ දිහාට විසික් කරන ගමන් කිව්වා.

"ඔහ්? දැං එයා කියන දේ අහන්නැති කොට මගේ පුතාද?" යුන්ගි සෝෆා එක උඩට වැටෙන හැටි බලං කෙල්ල ඇහිබැමකුත් උස්සලා ඇහුවා.

"එයාට ඔයාගෙන් තමා කියන දේ අහන්නැති කම ඇවිත් තියෙන්නෙ.ඒ නිසා මේ වෙලාවට අනුව එයා ඔයාගෙ පුතා තමා"  කොල්ලා බාගෙට ඇස් දෙක වහගෙන හිනාවෙන ගමන් කිව්වා.

"හේයි Hyukie, ඔයා දන්නවද ස්පයිඩර්මෑන් බීච් එකට යන හැම වෙලාවකම ස්විමින් ශෝර්ට්ස් අඳිනවා කියලා?" මිසෝ Jaehyukව කෙල්ලගෙ කකුල් දෙක පිටිපස්සෙන් ඉස්සරහට අරගන්න ගමන් එහෙම ඇහුවා.

"වාාාහ් ඇත්තද?? මං දැනං හිටියෙ නෑනෙ.මටත් ඕනෙ ස්පයිඩර්මෑන් වගේ වෙන්න!!" එහෙම කියපු Jae මිසෝගෙ අතින් ශෝර්ට්ස් දෙක අරගෙන ඒක දාගත්තෙ ඉස්සරහ පිටිපස්ස මාරු කරන්.

 
  යුන්ගි කෙල්ල දිහා බැලුවෙ "අනේ ඒක හරිගස්සන්නකෝ" වගේ බැල්මකින්.කෙල්ල හිනා වෙලා ඔලුව දෙපැත්තට වැනුවා.

"බෑ බෑ, ලොකුම ප්‍රශ්නෙ මං විසඳුවනෙ.ඉතුරු ටික ඔයාම බලාගන්න"


The Baby Project👶 [TRANSLATED][COMPLETED]Where stories live. Discover now