Chapter 12 🍼

859 243 24
                                    

එදා රෑ යුන්ගියි මිසෝයි දෙන්නා තම තමන්ගෙ ඇඳවල් වලට වෙලා අඳුරෙ වැතිරිලා හිටියා.රෑ 1 විතර වෙලත් දෙන්නගෙන් එක්කෙනක්ටවත් නින්ද ගිහින් තිබුනෙ නෑ.

"යුන්ගි?"  මිසෝ හෙමීට යුන්ගිගෙ නම කෙඳිරුවෙ කොල්ලා නිදාගෙනද ඉන්නෙ කියලා බලන්න.

"ම්..." 

"අපි දෙන්නා කවුද?"  මිසෝ එහෙම අහද්දි යුන්ගිට පොඩි හිනාවක් ගියා.

"අපි මිනිස් වර්ගයට අයිති අය.මම ⁣පිරිමි ළමයෙක් ඒ වගේම මං හිතන විදිහට ඔයා ගෑණු ළමයෙ-"

"නෑ මෝඩයො එහෙම නෙවේ"  මිසෝටත් හිනා ගියා.  "මං අහන්නෙ අපි දෙන්නගෙ අතර මොනවගේ සම්බන්ධයක්ද තියෙන්නෙ කියලා...."

"ඔයා මේ මහ රෑ ඕවද හිත හිත ඉන්නෙ නිදාගන්නැතුව?"

"ඔයාමනෙ කිව්වෙ මම ගෑණු ළමයෙක් කියලා, එ් නිසා මං කොහොමත් මෙිව ගැන හිතනවා..."  මිසෝ හෙමීට මිමිණුවා.

"අහ්....මෙහෙමයි...මට සමහර වෙලාවට හිතෙනවා....අපි අහ්....කපල්....එකක් වගේ...... කියලා?"  යුන්ගි හරි අමාරුයෙන් ඇදල පැදල ඒ වචන ටික පිටකරගත්තෙ ඇඟෙන් ඇටයක් ගියා වගේ.

"එහෙම හිතෙන්න හේතුව?" මිසෝ ඇහුවෙ ඇත්තටම කෙල්ලට ආපු කුතුහලයත් එක්ක.

"මෙහෙමයි,ඔයා එක්ක ඉද්දි හැමදේම හරි...natural.හරියට අපි දෙන්න ගොඩක් කල් ඉඳන් එකට හිටියා වගේ.Jaehyukත් දැං අපිත් එක්ක ඉන්න නිසා තවත් සම්පූර්ණ ගතියක් දැනෙනවා.හරියට පවුලක් වගේ....."  කියන වචනයක් ගානෙ යුන්ගිගෙ කටහඬ බාල වුනේ මේ කියන ඒවට මිසෝ හිනාවෙයි කියල හිතලා.

"ඔයාට මතකද අපිට Jaehyukව දුන්න දවසෙ සොක්ජින් මාව පැත්තකට එක්කන් ගිහින් කතා කරා?"

"ම්..."

"එදා එයා කිව්වෙ එයාට මිනා එක්ක project partnersල වෙලා ඉන්න අමාරුයි කියලා.එයා ඇහුවා මටත් ඔයා එක්ක ඒ වගේ ප්‍රශ්න තියෙනවද කියලා..."

"මුටත් ඕන්නැති ඕපයක් නෑ"  යුන්ගි මිසෝට නෑහෙන විදිහට කෙඳිරුවා.

"....මම කිව්වා මුල් දවස් ටිකේ එහෙම වුනාට දැං ප්‍රශ්නයක් නෑ කියලා.එයා මගෙන් ඇහුවා partnersලව මාරු කරගෙන එයයි මායි partnersල වෙමුද කියලා...ඒත් මං බෑ කිව්වා.ඔයා ඇරෙන්න වෙන කෙනෙක් එක්ක බබෙක්ව බලාගන්න මටත් හිත දුන්නෑ...."

The Baby Project👶 [TRANSLATED][COMPLETED]Where stories live. Discover now