Chapter 8 🍼

918 265 56
                                    

"මම cheat කරේ නෑ මිසෝ, ඇයි බොරුවට කෑ ගහන්නේ!?!?!?" යුන්ගි අනිත්පැත්තට මට කෑ ගැහුවා.

එයා කොච්චර කිව්වත් මම එ්ක විශ්වාස කරන්නෙ නෑ.....

















   "බොරු කියන්න එපා යුන්ගි,මම 2ක් දැම්මා, ඔයත් 2ක් දැම්මා, මම ඊටපස්සෙ jockerව දැම්මම ඔයා 9 cards ගන්න ඕනෙ" මමත් අනිත් පැත්තට කෑ ගැහුවා.අපි card game එකක් play කර කර හිටියෙ.මට හොඳටම sure මං අහක බලාගන්නකම් ඉඳල එයා cheat කරා කියලා.

 
   "එහෙම නෑ-"

 
  "අපි දැං මේක නවත්තමු, තව ටිකකින් අලුත් බබා එනවනෙ.ඉන්න, දැං වෙලාව කීයද?" මම cards ටික පැත්තකට දාන ගමං ඇහුවා.

  "12.52යි, අපි දැං යමු" යුන්ගි phone එකෙන් වෙලාව බලල මට කිව්වා.අපි දෙන්නම cards ටික අස් කරලා බබාලව ගන්න තැනට ගියා.

  Project එකේ පලවෙනි part එක ඉවර කරපු ළමයින්ට අද දවල් 1ට දෙවෙනි බබාව ලැබෙනවා.මමයි යුන්ගියි එතනට යද්දිත් ආරිම් ටේ දෙන්නා ඇවිත් හිටියෙ.ආරි මාව දැක්ක ගමන් අත් දෙක ඉස්සරහට දික් කරං ඇවිත් මාව hug කරා.

  "මිසෝ! ම⁣ට ඉවසිල්ලක් නෑ හලෝ ඊළඟ බබා කවුද කියලා බලන්න"

   "අපිටත් එහෙමයි" මමත් හිනාවෙලා කිව්වා.

    "ඔයා කොහොමද හරියටම කියන්නෙ යුන්ගි කැමතියිද නැද්ද කියලා? මං කියන්නෙ එයා කැමති වුනත් මූණ ඔහොමයි,නැති වුනත් ඔහොමයි" ටේ කොහෙන්වත් නැති එකක් එහෙම අහද්දි මට හිනා ගියා.ඒකෙ ඇත්තක් නැත්තෙම නෑ.

   "එයා කැමතියි කියල මට sure" මම එහෙම කියලා යුන්ගිගෙ පැත්ත හැරිලා ඇහැක් ගැහුවා.එයා ඇස් දෙක රෝල් කරලා මූණ අනිත් පැත්ත හරව ගත්තා.හහ්! පුදුම ලොකුකමක් නෙ!

    "කොහොමද කට්ටිය" සොක්ජින් මිනා දෙන්නත් එතකොටම ආවා.

    "මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනෙ" ⁣ටේ අනිත් අයත් එක්ක දිගටම කතා කරද්දි සොක්ජින් මං දිහාට හැරිලා කිව්වා.

   "පුලුවන්, කියන්න"

    "මම කිව්වෙ මෙතන නෙමේ,ටිකක් තනියම" එයා යුන්ගි දිහා එහෙම කියද්දි මම ටිකක් suprise වුනා.කොහොම වුනත් මම හා කියලා, අපි දෙන්නා එතනින් නැගිටලා ටිකක් එහාට ගියා.

The Baby Project👶 [TRANSLATED][COMPLETED]Where stories live. Discover now