Epilouge

640 174 18
                                    

(වසර 6කට පසුව)



තමන්ගෙ phone එකෙන් සෙල්ලම් කර කර හිටපු Jaehyuk ඔලුව ඉස්සුවෙ ළමා නිවාසයේ වැඩ කරන සේවිකාවක් එයාට ප්‍රධාන කාමරයට එන්න කියපු නිසා.එතනදි තමයි ⁣ළමයින්ව බාරගන්න කැමති අයට එයාලව හඳුන්වලා දෙන තැන.


"මම කිව්වනෙ, මට ඕන නෑ කවුරුවත් මාව හදාගන්න ගන්න-"


"මට විශ්වාසයි ඔයා මේ අය ඔයාව බාරගන්නවට කැමති වෙයි කියලා දරුවෝ..." සේවිකාව කොල්ලාට හිනාවකින් සංග්‍රහ කරන ගමන් කිව්වා.


Jaehyukගෙ කිසිම කැමැත්තක් තිබ්බෙ නැහැ කවුරුත් එයාව හදාගන්න ගන්නවට.කොල්ලට හොඳටම විශ්වාසයි එ් ඇවිත් ඉන්න අය කවුරු වුනත් එයාලට තමන් කැමති වෙන්නෙ නෑ කියලා.


මොකද කොල්ලා තමන්ගෙ අප්පාට පොරොන්දු වුනා එයා එනකම් තමන් බලං ඉන්නවා කියලා.දැං ඒ පොරොන්දුවට අවුරුදු 6ක් වුනත් Jaehyuk විශ්වාස කළා එයාලා කවමහරි දවසක තමන් වෙනුවෙන් එයි කියලා.කොල්ලට එයාගෙ ඔම්මාගෙයි අප්පාගෙයි මූණවල් මතක නැහැ.නමුත් එයාට විශ්වාසයක් තිබුනා එයාලගෙ කටහඬවල් වලින් එයාලව අඳුරගන්න පුලුවන් වෙයි කියලා.


_____________________________________


මිසෝ තමන්ගෙ Husband දිහා බැලුවේ නොසන්සුන් විදිහට

.

'එයා අපිව අඳුරනොගත්තොත්?' කියන ප්‍රශ්නය කෙල්ලගෙ හිතට වද දුන්නා.


"බය වෙන්න එපා, එයා අඳුරගනී." යුන්ගි මිසෝ එක්ක අතැඟිලි පටලවා ගන්න ගමන් මෘදු විදිහට හිනහ වුනේ කෙල්⁣ලගේ හිතේ තිබ්බ දේ කියවන්න පුලුවන් වුනා වගේ.


අවුරුදු ගානකට කලින් යුන්ගි මිසෝගෙන් අහපු ප්‍රශ්නයෙන් පස්සෙ ඒ දෙන්නම තීරණයකට ආවා.දරුවෙක් හදාගන්න කලින් එයාලට අවශ්‍ය වුනේ ස්ථාවර තැනකට එන්න.ඒකට ඉතිං ඕන කරන පලවෙනි දේ, සල්ලිනෙ. යුන්ගි පුලුවන් උපරිම උත්සාහ කළා තමන්ගෙ අප්පාගෙ කම්පැනි එක වෙච්ච Seesaw Inc.වල ඊළඟ CEO වෙන්න පුලුවන් තත්ත්වයට එන්න.නමුත් කොල්ලගේ හිතේ ඒ ගැන කිසිම සතුටක් තිබුනෙ නැහැ වගේම කොල්ලට තවදුරටත් මිසෝ වෙනුවෙන් ගත කරන්න කාලයක් තිබුනෙ නෑ.ඉතින් කොහොමද දරුවෙක් හදාගන්න ගන්නෙ?මාස 4කට පස්සෙ කොල්ලා කම්පැනි එකෙන් අයින් වුනා.කොල්ලගෙ අප්පා ඒ ගැන ගොඩක් කේන්ති අරගත්තා විතරක් නෙවේ, යුන්ගිට තවදුරටත් කිසිම දේකට උදව් කළේ නැහැ.එක අතකින් ඒක කොල්ලව පවුලෙන් අයින් කරලා දැම්මා වගේ දෙයක්.

The Baby Project👶 [TRANSLATED][COMPLETED]Where stories live. Discover now