Chapter 9 🍼

984 250 23
                                    

"ඔව්, අපි ආදරේ කරනවා...ඔයාට පිස්සුද යුන්ගි!?!? "  මම රහසින් කෑගැහුවෙ නයෝන් ගියාට පස්සෙ එයාගෙ තොටිල්ල වෙනුවට ගෙනත් තිබුන පොඩි ඇඳේ Jaehyukව නිදි කරවල ආවට පස්සෙ.Seriously, මට හිතාගන්න බෑ තවමත් යුන්ගි එහෙම කිව්වා කියන එක!

"වෙන මොනව කියන්නද ඉතිං ඒ වෙලාවෙ? නෑ කියන්නද?" යුන්ගි කිසි ගානක් නැතුව ඇහුවා.

"ඔව් යුන්ගී, නෑ කියල තමා කියන්න තිබුනෙ"   මම මගෙ අත් දෙක හරහට බැඳගන්න ගමං කිව්වා.

"අහන්න මිසෝ,ඒ වගේ ලමයෙක්ට සතුටු වෙන්න තියෙන දේවල් අතරට එයාගෙ තාවකාලික හරි දෙමව්පියො දෙන්නා ආදරේ කරනව කියන එක බලපානවා,මාව විශ්වාස කරන්න"  එයා එහෙම කියලා සෝෆා එකෙන් වාඩි වුනා.

"මොකද්ද ඒකෙ තේරුම? අපි දෙන්නා ආදරේ කරන්නෙ නැහැ කියල කියන එකෙන් මොකද්ද ඇති වෙන වෙනස?" මම තවමත් අත් දෙක බැඳගෙන ඇහුවා.

මෙහෙමයි, මම යුන්ගිට අකමැතියි නෙවේ.මට ඕන තරම් තේරිලා තියෙනවා මම අනිත් පිරිමි ලමයි එක්ක කතා කරද්දි එයා ටිකක් jealous වෙන හැටි,විශේෂයෙන් සොක්ජින් එක්ක.හැබැයි මම දන්නෙ නැති දේ තමා එයා එහෙම වෙන්නෙ එයාට ඉන්න යාලුවො පුංචි ප්‍රමාණය අතරින් කෙනෙක් මමත් වෙන හින්දද, නැත්තම් ඇත්තටම එයාට මං ගැන මොකක් හරි හැඟීමක් තියෙන නිසාද කියලා.මොකක්හරි, අපි දෙන්නා 'ආදරේ කරනව' ද නැද්ද කියන එකෙන් මොකද්ද ඇති වැඩේ?

යුන්ගි හොඳ හුස්මක් අරං පහල දැම්මා.

"මෙතනින් ඉඳගන්න,මට ඔයාට දෙයක් කියන්න තියෙනවා" එයා එයාගෙ කොණ්ඩෙ අත් දෙකෙන් අවුස්සගන්න ගමන් එහෙම කිව්වා.එයාගෙ මූණෙ තිබුනෙ nervous පෙනුමක්.

මම ඉඳගත්තා.මට තවමත් හිතාගන්න බෑ මේ වගේ පුංචි දේකින් එයාට ලොකු බලපෑමක් වෙලා වගේ එයා ඉන්නෙ ඇයි කියලා.

"Please,මම කතා කරල ඉවරවෙනකම් මුකුත් අහන්න එපා,මාව judge කරන්නත් එපා" යුන්ගිගෙ බැල්මෙ තිබුනෙ අමුතු දුකක් වගේ දෙයක්.මම ඔලුව වැනුවා.





"Jaehyukට ඒක වැදගත් දෙයක් කියන එක මට තේරෙන්නෙ,මාවත් හදාගන්න ගත්තු ළමයෙක් නිසා...."

The Baby Project👶 [TRANSLATED][COMPLETED]حيث تعيش القصص. اكتشف الآن