Chapter 23 🍼

905 200 13
                                    

මුලු අපාර්ට්මන්ට් එකේම තිබුනෙ වෙනදා තිබුනෙ නැති විදිහෙ නිශ්ශබ්දතාවයක්. යුන්ගියි මිසෝයි කතා නොකරම තම තමන්ගෙ බඩු වගේම Jaehyukගෙ බඩුත් අහුරන්න පටන් ගත්තා.

අද තමයි හැමෝම තමන්ගෙ හිටපු ජීවිත වලටම යන දවස.Jaehyuk ළමා නිවාසෙටත්, යුන්ගියි මිසෝයි තම තමන්ගෙ ගෙවල් වලටත්.මිසෝට තමන්ගෙ පවුලෙ අය නැතුව පාලු දැනුනත් ඊටත් වඩා මේ පුංචි අපාර්ට්මන්ට් එකත් එක්ක බැඳුණු මතකයන් ටික දාලා යන්න බැරි දුක කෙල්ලගෙ හිතේ තිබුනා.

"මට ඇත්තටම යන්න වෙනවද..." මෙච්චර වෙලා නිහඬව හිටපු පුංචි Jaehyuk හිමීට එයාගෙ හඬ අවදි කළා.

යුන්ගියි මිසෝයි දෙන්නම ⁣පුංචි කොල්ලා දිහා බැලුවා.තුන් දෙනාගෙම මූණු දුකින් මැලවිලායි තිබුනේ.

"අපිට එහෙම කරන්න වෙන එක ගැන දුකයි Hyukie..." යුන්ගි Jaehyukගේ උසට දණහිස් වලින් නැවෙන ගමන් පොඩි එකාගෙ කම්මුල් දෙකට අත තියන ගමන් එහෙම කිව්වේ Jaehyukගෙ ඇස් වලින් පුංචි කඳුලු බිංඳු මතු වෙද්දි.

"අනේ මට ආපහු යන්න බෑ...." කොල්ලා යුන්ගිගෙ අත් දෙකේ එල්ලිලා අඬන්න පටන් ගත්තා.

මිසෝගෙ ඇස් කොනින් කඳුලු බිංදු මතුවෙද්දි කෙල්ලගෙ හිත තවත් බර වුණේ මෙච්චර කාලයක් තමන්ගෙම පුතෙක් වගේ ආදරෙන් හිටපු පුංචි කොල්ලා තමන්ව දාලා යන්න බැහැ කියලා අඬන හැටි දැකලා.

"පැටියෝ, අපිටත් ඔයාව දාලා යන්න ඕනෙ නැහැ...ඒත් අපි තාම ඉගෙන ගන්න ලමයිනේ...අපිට ඔයාව හරියට බලාගන්න අමාරුයි පැටියෝ...." කෙල්ලගෙ ඇස් අගින් කඳුලු බිංඳුව නිදහස් වුනා.යුන්ගි මිසෝවයි පුංචි කොලු පැටියවයි ළඟට අරගෙන බදාගත්තෙ තමන්ගෙ ඇස් වලට ආපු කඳුලු හංඟගන්න.ඉස්කෝලෙන් grade එකක් ලබාගන්න කියල කරන්න ගත්තු මාස තුනක project එකක් නිසා පොඩි දරුවත් එක්ක තමන්ගෙ මෙච්චර ලොකු බැඳීමක් ඇතිවෙයි කියන එක කොල්ලා නිකමටවත් බලාගෙන වෙච්ච දෙයක් නෙවේ....

විනාඩි කිහිපයක් යනකම් තුන්දෙනාම තුන්දෙනාවම තුරුලු කරන් හිටියා.ඒ මොහොතට බාදා වුනේ පහල තට්ටුවේ තිබුන loudspeaker එකෙන් ඇහුන හඬ නිසා.

"කරුණාවෙන් සවන් දෙන්න.සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් තමන්ගෙ වාර්තා පොත් සහ පැවරුම් රැගෙන ඉදිරිපස දොර⁣ටුව අසළට වාර්තා කරන්න.ස්තූතියි."

The Baby Project👶 [TRANSLATED][COMPLETED]Where stories live. Discover now