Chapter 18 🍼

769 238 31
                                    

(Miso POV)

"Hey, um...මට ඔයාට පොඩි දෙයක් කියන්න තියෙනවා..."  මම Jaehyukව ඇඳට දානකොට යුන්ගි ළඟට ඇවිත් රහසින් කෙඳිරුවා.

  "කියන්න,මොකක් හරි අවුලක්ද?"  මං අවධානෙන් ඇහුවෙ එයාගෙ මූණෙ ටිකක් serious පෙනුමක් තිබ්බ නිසා.

"නෑ um, මේකයි...මට අපේ පවුලෙ අය ගැන ඔයාට කලින් warn කරන තියන්න ඕන වුනා" යුන්ගි මගේ මූණ දිහා බලන්නැතුව කිව්වා.

"ඒ මොකටද?"  එයාගෙ පවුලෙ අය ගැන ඇයි එයා warn කරන්නෙ?

"මේකයි, එයාලා ඔයාලගෙ පවුලෙ අය වගේ open minded අය නෙවේ.මගෙ අප්පා ඔයාට කොහෙත්ම කැමති වෙයි කියල මං හිතන්නෑ.එයා අඩු තරමෙ අපි ගියාම අපිව පිළිගන්නවත් එයිද කියලා මට විශ්වාස නෑ.හැබැයි ඔම්ම නං ඔයාට කැමති වෙයි" එයා ⁣ඔලුව කසන ගමන් කිව්වා.හ්ම්...මට ආසයි එයාගෙ අප්පා මොනවගේ මනුස්සයෙක්ද කියලා බලාගන්න.

"ඔයා අවුල් ගන්න එපා Yoongz, අපි දෙන්න එකට ඉන්නකම් ප්‍රශ්නයක් වෙන්නෑ"  මම හිනාවෙලා කිව්වෙ එයාගෙ හිතට සහනයක් දෙන්න.එයාගෙ මූණෙත් පුංචි හිනාවක් ඇඳුනා.

  "Good night මිසෝ"

   "Night Yoyo"

    "Yoyo?"

    "ඔයාගෙ nickname එක Yoongless~"  මං හිනාවෙලා එයාගෙ කම්මුලකට ඇඟිල්ලෙන් ඇනලා කියද්දි එයා disgusting look එකක් එක්ක නහයත් scrunch කරං අනිත් පැත්ත හැරිලා ඇඳට යන්න ගියා.CUTE!!!

  
___________________________

යුන්ගි ඒ warning එක දුන්න හේතුව මට හොඳටම පැහැදිලි වුනා.

අපි එයාගෙ ගෙදර යද්දි යුන්ගිගෙ ඔම්මා තමා අපිව පිළිගත්තෙ.එච්චරම නැතත් එයා ටිකක් විතර මාත් එක්ක හිනා වෙලා කතා කළා.යුන්ගිගෙ අප්පා නම් අභිරහසක් වගේ.එයාව මම දවසටවත් දැක්කෙ නෑ.හිතුව වගේම යුන්ගිගෙ ගෙදර ලොකු manison එකක්.යුන්ගිගෙ ඔම්මා අපේ මා වගේ නැති වුනත් Jaehyukට කැමති වුනා වගේ එකක් මට තේරුනා.Hyuki ඒක එච්චර ගනන් ගත්ත බවක් නම් මට හිතුන්නෑ.

"අපිට ආයෙ පාරක් එක ඇඳක් share කරගන්න එක ඔයාට අවුලක් නෑ කියලා හිතනවා.හැබැයි ඔයාට ඕන වෙලාවක තනියම නිදාගන්න ඕනෙනං මට පුලුවන් උඩ තට්ටුවේ guest room එකක් ලෑස්ති කරන්න..." මට එයාගෙ කාමරේ පෙනන්න ගමන් යුන්ගි කිව්වෙ ඔලුවත් කස කස.ඒ වුනාට එයාගෙ ඇඳේ සයිස් එකේ හැටියට අමුතුවෙන් වෙන කාමරයක් ලෑස්ති කරන්න ඕනෙ කියලනම් මට හිතුනෙ නෑ.

The Baby Project👶 [TRANSLATED][COMPLETED]Where stories live. Discover now