Chapter 21 🍼

916 229 25
                                    

(Miso's pov)

"අප්පා ගෙදර එන්නෙ කීයටද?" Jaehyuk එයාගෙ අතේ තිබ්බ පාට පැන්සල මේසෙ උඩින් තියෙන ගමන් ඇහුවා.

අපේ වැඩිපුර නිවාඩු සතියත් දන්නෙම නැතුව ඉක්මනටම ඉවර වුනා.දැං ඉතිං අායෙ ඉස්කෝලෙ පටන් අරන් තියෙන්නෙ. මේ සතියෙ මට classes වැටුනෙ උදේට.යුන්ගිට හවසට.අපි Hyukieට පොරොන්දු වුනා අද එයාව එක්කන් zoo එක බලන්න යනවා කියලා.ඒක කිව්ව වෙලේ ඉඳන් මේ කොල්ලට ඉවසිල්ලක් නෑ.විනාඩි පහෙන් පහට "අප්පා කෝ?" කිය කිය අහනවා.

"ඉක්මනට එයි පැටියො.කෝ අපි බලමු ඔයාගෙ චිත්‍රෙ..." මං හෙමීට කතාව වෙන පැත්තකට හැරෙව්වා.

  "බලන්න ඔම්මා,මේ ඉන්නෙ ඔයා! එතකොට මේ අප්පා! මං තව ගෙම්බෙක්වත් ඇන්දා!"  Hyukie එයාගෙ චිත්‍ර කොලේ මගෙ මූණ ඉස්සරහට කරලා දික් කරගෙන හිටියෙ මූණ ලොකු හිනාවකින් පුරවගෙන.

  ඇත්තටම කිව්වොත්......ඒ චිත්‍රෙ දැත්කම මට හොඳටම හිනා ගියා.ඒකෙ හිටියෙ ත්‍රිකෝණ ගවුමක් ඇඳගත්තු, හිනාවෙලා ඉන්න ඇටකෝටු මනුස්සයෙකුයි, නිදාගෙන හිටපු ඇටකෝටු මනුස්සයෙකුයි, ඒ දෙන්නගෙම අත් අල්ලං හිටපු චූටි ඇටකෝටු ළමයෙකුයි.ඒ තුන්දෙනාටම එහා පැත්තෙ පොඩි ගෙම්බෙකුයි.
 

මේ කොල්ලා මෙච්චර ගෙම්බන්ට කැමති ඇයි?

"ෂාාා!! ඔයා ශෝක් එකට අැඳලනේ!!" මං හිනාවෙලා එයාගෙ ඔලුවට තට්ටුවක් දාන ගමන් කිව්වා.මොනව වුනත් පොඩි ළමයෙක්නෙ.ඇරත් මාත් ඔය වයසෙදි ඇඳපු චිත්‍ර ඔයිට වඩා අන්තයි.

  "හෙලෝ!! මං ආවා!"  ඉස්සරහ දොර ළඟින් යුන්ගිගෙ කටහඬ ඇහුණ පාර මායි hyukieයි දෙන්නම ඔලුව උස්සලා බැලුවා.

  "අප්පාා!!!" චිත්‍ර කොලෙත් අතින් අරගෙන Hyukie පුටුවෙන් බිමට බැහැලා දුවගෙන ගිහින් යුන්ගිගෙ ඇඟට පැන්නෙ පොඩි වලස් පැටියෙක් වගේ එයාව බදාගන්න ගමං.

   "අප්පා නැති වෙලාවෙ ඔයා හොඳ ළමයෙක් වගේ හිටියා නේද?"  යුන්ගි එහෙම අහද්දි hyukie හරි වුවමනාවෙන් ඔලුව වැනුවා.

  "ඔව් අප්පා, මං චිත්‍රෙකුත් ඇන්දා!" එයා එහෙම කියන ගමන් කලින් වගේ එයාගෙ චිත්‍ර කොලේ යුන්ගිගෙ මූණ ඉස්සරහට දික් කරා.යුන්ගිත් හිනාවෙලා චිත්‍රෙ අතට අරං ඒක දිහා බලාගෙන යද්දි එයාගෙ මූනට ප්‍රශ්නාර්ථයක බැල්මක් ආවා.

The Baby Project👶 [TRANSLATED][COMPLETED]Where stories live. Discover now