Chapter 7 🍼

974 254 54
                                    

"යුන්ගීඊඊඊ, මට කම්මැලීඊඊඊ" මිසෝ කෙඳිරිගාගෙන සාලෙට ආවා.

"ඔයාට මාව entertainer කෙනෙක් වගේද පේන්නෙ? ගිහින් වෙන කාටහරි වද දෙන්න" යුන්ගි tv එකෙන් ඇස් දෙක අහකටවත් නොගෙන කිව්වා.

"ඒකත් එහෙමද? හහ්, එහෙනං මම ජින්ගෙ apartment එකට යනවා.එයා මොකද දන්නෑ කරන්නෙ" මිසෝ එහෙම මුමුණන ගමං apartment එකෙන් එලියට යන්න හැදුවා.

"පොඩ්ඩක් ඉන්න. අපි movie එකක් බලමු"  මිසෝ එලියට අඩිය තියන්න හදද්දිම යුන්ගිගෙ කටහඬ ඇහුනා.

මිසෝ ආපහු හැරිලා යුන්ගි දිහා බලලා හිනා වුනා.

"අපි bambi 2 බලමු!! " කෙල්ල උඩපැන පැන ඇවිත් සෝෆා එකට පනින ගමං කිව්වා.

"මොකක්? මට බෑ, අපි transformers බලමු"

"බෑ බෑ, මට bambi 2 බලන්න ඕනෙ"

"ඔයා පොඩි එකෙක්ද?"

"පොඩි ළමයි විතරද ඒක බලන්නෙ?"

විනාඩි 5ක් විතර යනකං movie එක බලන එක පැත්තක තියලා බලන්නෙ මොකද්ද කියන එක ගැන දෙන්නා රණ්ඩු කරන්න ගත්තා.ඒක නැවතුනේ මිසෝගෙ phone එකට ආපු call එකකින්.

"හෙලෝ?"

"හෙලෝ මිසෝ, මම දන්නවා මේක ඔයාගෙ යුන්ගිගෙයි free weekend එක කියලා.හැබැයි සඳුදට ඔයාලට ලැබෙන ඊළඟ බබා ගැන පොඩි දේවල් ටිකක් මට ඔයාලට දැනුම් දෙන්න තියෙනවා" මිසෝගෙ teacher එහෙම කිව්වා.

"Uh, හරි ටීචර්.ටීචර් phone එකෙන්ම කියනවද නැත්නම් මෙහාට එනවද?"

"මම ඔහෙට එන්නම්.මම අනිත් අයගෙ apartments වලටත් ගියා.ඔය දෙන්නා දැං freeද?"

"Uh, ඔව් ටීචර්..." මිසෝ movie එකක් හොය හොය ඉන්න යුන්ගි දිහා බලන ගමං කිව්වා.

"හරි, මම තව ටිකකින් එන්නම්" ටීචර් එහෙම කියලා phone එක cut කළා.

"කවුද කතා ක⁣රේ?" යුන්ගි tv එක දිහාම බලං ඉන්න ගමන් ඇහුවා.

"අපේ ටීචර්, එයා අපිට ඊළඟට එන්න ඉන්න බබා ගැන දේවල් ටිකක් කියනවා කියලා.එයා තව ටිකකින් මෙහෙට එනවලු."

"ඒත් මිසෝ, අපි දැං busy නේ....." ඒ පාර යුන්ගි කෙඳිරිගාන ගත්තෙ සෝෆා එක උඩට වැටෙන ගමං.

The Baby Project👶 [TRANSLATED][COMPLETED]Where stories live. Discover now