Chapter 11 🍼

961 237 64
                                    

(Miso's pov)

"ඉක්මන් කරන්න යුන්ගි, අපිට දවසම නාස්ති කරන්න බෑ!"  මම jaehyukගෙ Tshirt එකේ බොත්තම් දාන ගමං කෑ ගැහුවා.

අද අපි දෙන්නයි, සොක්ජින් මිනා, ආරි ටේ කට්ටියම පොඩි අයවත් අරං පාක් එකට යන්නයි හැදුවෙ.අද කාළගුණෙත් හොඳ නිසා අපි ඉස්කෝලෙන් දීලා තියෙන Barbecue එකත් පාවිච්චි කරන්න හිතුවා.

"පාක් එක⁣ට යන්න කලින් grocery store එකට යනව නේද?"  යුන්ගි බෑග් එකකුත් උස්සගෙන ආවා.එතකොටයි මං දැක්කෙ නිකං කාක් කූඩුවක් ඔලුව උඩ හදල වගේ එයාගෙ කොණ්ඩෙ තිබ්බ විදිහ.

"ඔව් යනවා,බලන්න ඔයාගෙ කොණ්ඩෙ හැටි.නිකං පාරෙ ජීවත් වෙන මනුස්සයෙක් වගේ"  මං ළඟට ගිහින් මගෙ අතින් එයාගෙ කොණ්ඩෙ එහාට මෙහාට කරලා හැදුවා.

"ඒයි, මං හැන්ඩ්සම් පොරක් හරිද.ඔයාගෙ වාසනාවට ඔයාව මාත් එක්ක වැටුනෙ"

 

"අපොයි ඔව්, මට හරිම ගෞරවයක් ඒක" මං ඇස් දෙක රෝල් කරල කිව්වා.මෙයා නිසා මට ඇස් රෝල් කරන්න වෙන වාරවල් ගාන මතක් කරොත් මේ වෙද්දි මගෙ ඇස් දෙක උඩට ගිහින් හිර වෙලා තියෙන්න ඕනෙ.

 

"අපි අනිත් අයව පාක් එකේදි කෙලින්ම හම්බෙනවද නැත්නම් එයාලත් එක්කම යනවද?"  යුන්ගි jaehyukගෙ සපත්තු ලේස් එක ගැටගහන ගමං මගෙන් ඇහුවා.

"සොක්ජින් මිනා දෙන්නත් එක්ක ගිහින් ආරිවයි ටේවයි කෙලින්ම පාක් එකේදි මුණ ගැහෙනවා"  මම එහෙම කියද්දි එයා ඔලුව වැනුවා.

 

"Hyung?" Jaehyuk යුන්ගිගෙ ෂර්ට් කොලර් එකෙන් අදින ගමන් කතා කරා.

 

"කියන්න hyukie"

  "අපිට බාබකිව් එකට උඩින් චොක්ලට් දාන්න පුලුවන්ද?" Jaehyuk එහෙම අහද්දි යුන්ගිගෙ ඇස් දෙක එලියට පනින්න ආපු විදිහ දැකල මට හිනා ගියා.

 

  "බාබකිව් එකට චොක්ලට් දැම්මොත් ඔයාට වමනෙ යයි.ඔම්මා, ඔයාගෙ ලිස්ට් එකට මාෂ්මෙලෝස් දාගන්න" 

  

එදා shopping ගිය වෙලේ වෙච්ච සිද්දියෙන් පස්සෙ jaehyuk ඉන්න හැමවෙලාවකම යුන්ගි මට කතා කරේ ඔම්මා කියලා.එහෙම කරේ ඒ විදිහට මට කතා කරාට කමක් නෑ කියලා jaehyukට අඟවන්න.ඒ නිසා jaehyuk දැං මට කතා කරන්නෙ ඔම්මා කියලා.හී...... මට හරි අමුතු සතුටක් එනවා එයා එහෙම කතා කරද්දි.






The Baby Project👶 [TRANSLATED][COMPLETED]Where stories live. Discover now