Chapter 10 🍼

971 244 12
                                    

Jaehyuk ඇවිත් තවම දවස් දෙකතුනයි ගෙවුනෙ.හැබැයි එයා teacher කියපු තරම්ම නරක නැහැ.සමහර වෙලාවට එයා මටයි යුන්ගිටයි ටිකක් කෑගහනවා.යුන්ගි මට පැහැදිලි කළා ඒක එහෙම වෙන්නෙ adopt කරගන්න ළමයින්ට අනිත් සාමාන්‍ය ළමයින්ට වගේ අම්මලා තාත්තලා එක්ක ඉද්දි ලැබෙනව වගේ අවධානයක් ලැබෙන්නෙ නැති නිසා කියලා.

පොඩි ප්‍රශ්නෙකට කියලා තියෙන්නෙ, එයාට තියෙන්නෙ ඇඳුම් හරිම පොඩි ප්‍රමාණයක්.ඒ කියන්නෙ කලිසම් දෙකතුනකුයි Tshirt දෙකතුනකුයි විතරයි.ආරි කිව්වා එයාලගෙ බබාටත් එහෙමයි කියලා.ඒ නිසා අපි 4 දෙනා පොඩි දෙන්නවත් එක්කගෙන shopping කරන්න යන්න කියලා හිතාගත්තා.සොක්ජින් මිනා දෙන්නා කිව්වා එයාලට එන්න විදිහක් නෑ,මොකද එයාලට වියදම් කරන්න සල්ලි මදි කියලා. $400කුත් තිබිලා ඒකත් මදිනම් ඉතිං, අනේ මන්දා.

"Good morning,මොනවද හදන්නෙ?"  මගෙ කන ළඟින්ම ගැඹුරු කටහඬක් ඇහුන නිසා මම ඔලුව හරවලා බැලුවා.යුන්ගි මගෙ උරහිසට නිකට තියාගෙන ඇස් දෙකත් පියාගෙන ඉන්නව දැකලා දන්නෙම නැතුව මට හිනා ගියා.

එදා යුන්ගි මට එයාගෙ කතාව කිව්වට පස්සෙ අපි දෙන්නා තවත් ගොඩක් close වුනා.හිටපු ගමන් මගෙ අතින් අල්ලනවා,කර⁣ට අතදාගන්නවා.....

Not that im complaining.

"Waffles, Jaehyuk කවදාවත් ඒවා කාලා නැහැ කියලා කිව්ව නිසා මට හිතුනා ඒවා හදන්න." මම waffle machine එක on කරන ගමන් කිව්වා.

"හ්ම්...සුවඳ හොඳයි..." යුන්ගි එහෙම කියන ගමන් ඈනුමකුත් ඇර ඇර කෑම මේසෙ ලෑස්ති කරන්න ගියා.

"මොනවද ඒ සුවඳ?" චූටි කකුල් දෙකක අඩි සද්දයක් එක්ක චූටි කටහඬක් මට ඇහුනා.

"මම waffles හදනවා,ඔයා ඒවා කාලා නැහැ කිව්ව නිසා" මම kitchen counter එකට උඩින් අමාරුවෙන් එබීගෙන මම කරන්නෙ මොනවද කියල බෙල්ල දාං ඉන්න Jaehyukගෙ ඔලුවට තට්ටුවක් දාන ගමං කිව්වා.

"වාහ් මරුනෙ! ඒවයෙ ඇත්ත පෙනුම මොනවගේද? මම පින්තූර වලින් විතරයි දැකලා තියෙන්නෙ" Jaehyuk එහෙම කියද්දි යුන්ගි එතනට ඇවිත් එයාව උස්සල වඩාගත්තෙ මම මොනවද කරන්නෙ කියලා එයාට පේන විදිහට.අනේ....CUTEEEEEE!!!!

The Baby Project👶 [TRANSLATED][COMPLETED]Where stories live. Discover now