Chapter 16 🍼

960 289 59
                                    

(A/N:- මේ කතාවෙ orginal author indian හෝ half indian කෙනෙක්.මේ කතාවෙ ඉන්න චරිත ටිකක් හැඩගැහිලා තියෙන්නෙත් ඒ විදිහට.ඒ නිසා මිසෝගෙ අම්මා indian, තාත්තා කොරියන්.)

"මායි Hyukieයි දෙන්නම ලෑස්තියි.ඔයාගෙ අක්කා එනවා කියල කිව්වෙ කීයටද?"  යුන්ගි Jaehyukගෙ බෑග් එක කරේ එල්ල ගන්න ගමං.මිසෝ බිත්තියෙ ගහලා තිබුන ඔරලෝසුව දිහා බැලුවා.

"එනවනං කිව්වෙ 12ට.හැබැයි ඉතිං අපි මේ කතා කරන්නෙ මගේ පවුලෙ අය ගැනනෙ.ඒ නිසා එයා එද්දි 2 විතර වෙයි"  කෙල්ල කිසි ගානක් නැතුව එහෙම කියලා සෝෆා එක උඩ කකුල් දෙක උඩ දාං හිටියා.

යුන්ගි ඔරලෝසුව දිහා බලද්දි වෙලාව තිබුනෙ 1.43⁣ට.

  "ඔයා ඔය seriousද කියන්නෙ?" කොල්ලා එහෙම ඇහුවා.

  "ඔයාට ඔරලෝසුවෙ තියෙන වෙලාව විහිලුවක් වගේද පේන්නෙ?"  මිසෝ scoff එකක් එක්ක හිනාවෙන ගමන් කිව්වා.

  "මං හිතුවා ඔයාගෙ පවුලෙ අයත් ඔයා වගේ වෙලාවට කලාවට වැඩ කරනවා ඇති කියලා...."  යුන්ගි හෙමීට මිමිණුවත් ඒක ඇහිලා කෙල්ලට තවත් හිනා ගියා.

  "අපේ ගෙදර මං විතරයි එහෙම වැඩකරන්නේ Yoongs!!!" කෙල්ල හිනාවෙවීම එහෙම කිව්වා.

  "අපි යන්න කලින් කාලා යමුද?"  යුන්ගි ආයෙත් ඇහුවා.

  "යුන්ගී, අපි යන්නෙ ඉන්දියන් ගෙදරකට.කොහොමත් මේ වෙද්දිත් කන්න බොන්න තොගයක් ලෑස්ති වෙලා ඇති එහෙ"

  "ඉන්දියන්??"  යුන්ගි ඇහුවෙ පුදුමෙන් වගේ.

  "Half indian, half korean" මිසෝ ඒක කිව්වෙ හරි ආඩම්බරෙන්.

    "මම මිකීවත් අරං යන්නද?" Jaehyuk කාමරේට දුවල ගිහිං එයාගෙ මිකී මවුස් ටෙඩි බෙයාවත් උස්සගෙන ඇවිත් ඇහුවා.


   එයාගෙ ඇත්ත දෙමව්පියන්ගෙන් එයාට ඉතුරු වෙලා තිබ්බ එකම දේ ඒක විතරයි.

   "අනිවාරෙන් පැටියෝ, අපි මිකීවත් අරං යං" මිසෝ එහෙම කියලා පොඩි එකාගෙ ඔලුව අතගෑවා.එතකොටම කෙල්ලට⁣ කෙල්ලගෙ අක්කාගෙන් call එකක් ආවෙ එයා දැනටමත් lobby එකේ ඉන්නෙ කියන්න.

   "ඔයාගෙ පවුලෙ අය හොඳයිද?"  Elevator එකේ පහලට යන ගමන් Jaehyuk මිසෝගෙන් ඇහුවා.

The Baby Project👶 [TRANSLATED][COMPLETED]Where stories live. Discover now