Chapter 19 🍼

994 247 27
                                    

(Next Day)

"මේක හොඳයිද?" මිසෝ දම් පාට dress එකක් යුන්ගිට පෙන්නන ගමන් ඇහුවා.

යුන්ගි ඔලුව දෙපැත්තට වැනුවා.මිසෝ ඇස් දෙක රෝල් කරේ එපා වෙලා වගේ.

දැං පැය දෙක තුනක් තිස්සෙ මේ දෙන්නා මිසෝට ඇඳුමක් හොය හොය ඉන්නෙ.මිසෝ පෙන්නන එක ඇඳුමකටවත් යුන්ගි කැමති වුනේ නෑ.කෙල්ල කිව්වම එහෙනං එයා කැමති එකක් පෙන්නන්න කියලා එහෙම ක⁣ළෙත් නෑ.Jaehyuk හිටියෙ යුන්ගිගෙ ඔම්මත් එක්ක ගෙදරට වෙලා.පාටි එක ගැන කිව්වම පොඩි එකාටම හිතිලා ගෙදරට වෙලා ඉන්න එක හොඳයි කියලා.යුන්ගිගෙ ඔම්මත් තීරණය කළා එයා යන්නෙත් නෑ කියලා.මොකද ඒ වගේ partys හරි boring නිසා.

"යුන්ගි, මේ එක තැනකවත් අපිට හරියන එකක් නැත්තං අපි මගේ ගෙදර යං.මට හොඳටම sure මොකක් හරි අඳින්න ඇති කියලා එහෙ"  මිසෝ කිව්වෙ අත් දෙක හරහට බැඳගෙන.

  "අහන්න,මං දන්නෑ ඔයාට මේක තේරිලාද තියෙන්නෙ කියලා.අපි කරන්න ඕනෙ මගෙ අප්පව impress කරන එක.මට ඕනෙ එයා අපි දිහා බලල හිතන්න එයා කොච්චර වැරදිද කියලා-"

  "⁣ළමයෝ, සන්සුන් වෙන්න.අපි කාවවත් impress කරන්න නෙවේ යන්නෙ.මං ආවෙ ඒකෙ විරුද්ධ පැත්ත ඔප්පු කරන්න කියලා මතක නැද්ද?මං ඇවිත් ඉන්නෙ ඔයාගෙ අප්පාගෙ standards ඔයාට වැඩක් නෑ කියන එක ඔප්පු කරන්න"  මිසෝ යුන්ගිගෙ කම්මුලකට අත තියන ගමන් කිව්වෙ ආදරෙන්.

  "ඔව් මට තේරෙනවා...ඒත්...අනේ මන්දා-"

  "යුන්ගි හ්යුන්ග්, මේ ඔයාද?"  ⁣යුන්ගි කියන්න ගිය නවත්තලා හැරිලා බැලුවම එතන හිටියේ blonde පාටට කොණ්ඩෙ ඩයි කරලා හිටිය පිරිමි ළමයෙක්.

  "Jimin..."  යුන්ගිගෙ ඇස් දෙකෙන් යොමු වුනේ තියුණු බැල්මක්.

"කොහොමද හ්යුන්ග්,ගොඩ කාලෙකින්නේ ඔයාව දැක්කෙ.ඔහ්? ඔයා ගෑණු ළමයෙක්ව එක්කගෙන ඇවිල්ලනෙ.Cute.මම ජිමින් sweetheart, පාක් ජිමින්"  ජිමින් සෙල්ලක්කාර විදිහට කට කොනකින් හිනාවෙන ගමන් මිසෝ ළඟට ඇවිත් කෙල්ලගෙ අතින් අල්ලගත්තෙ Kiss එකක් දෙන්න.

"හමුවීම සතුටක් පාර්ක්."  මිසෝ බොරු හිනාවක් දාන ගමන් අත ඇදලා ගත්තෙ ජිමින්ගෙ තොල් දෙක කෙල්ලගෙ හමේ වැදෙන්න කලින්.

The Baby Project👶 [TRANSLATED][COMPLETED]Where stories live. Discover now