Dear Diaryna ❤️ 02

455 73 5
                                    

මං Kim Yun ree...වයස අවුරුදු 17යි....මං බුසාන්වල ඉදන් සෝල්වලට ආවේ Scholarship එකකින් මට සෝල්වල අලුත් කොලේජ් එකකට යන්න opportunity එකක් හම්බුන නිසා....

"ම්ම්ම්....සෝල් දැන් හුගක් වෙනස් නේද අප්පා...."

මං අප්පගෙන් ඇහුවේ වටපිට බල බලමයි...අවුරුදු ගානකට කලින් තිබ්බ සෝල් නගරෙයි දැන් සෝල් නගරෙයි කියගන්න බැරි තරමට දියුණුයි...ලස්සනයි...ඒ වගේම සංකීර්ණයි...

"ඔව් දූ...දැන් වෙනස් වෙලා...ඔයා ඉස්සර දේවල් හිතන්නේ නැතුව හොදට ඉගෙනගන්න ඕනි තේරුණාද?"

"තේරුණා අප්පා..."

මගේ ලෝකේ මගේ අප්පා, ඔප්පා , ඒ වගේම මගේ දෙවෙනි ඔම්මා...ඔම්මා නැති වුනේ මං පොඩි කාලේදිමයි...ඊට පස්සේ අප්පා තව පාරක් මැරි කලේ ගෙදරින් තිබ්බ බලපෑමට වගේම මට ඔම්මා කෙනෙක් නැතුව ඉන්න බැරි නිසාමයි...එයා තමා මගේ දෙවෙනි ඔම්මා...එයාගේ දුවෙක් නොවුනත් මට එයාගේ දරුවෙක්‍ට වගේමයි සැලකුවේ....මගේ ඔප්පටත් ඒ විදිහම තමා....

ඔප්පා දැන් ඉන්නේ ඇමරිකා...එයා තව සතියකින් විතර කොරියාවට එනවා...එයාගේ බිස්නස් වැඩවලටත් එක්ක...

"ම්ම්ම්ම්...ඔන්න අපි ආවා....යමු ඇතුලට....."

මං අප්පා දිහා බලලා හිනාවෙලා...කාර් එකෙන් බැහැලා... එයාගේ අතත් අල්ලගෙන කොලේජ් එක ඇතුලට ගියා...දෙන්නත් එක්ක ප්‍රින්ස්පල් ඔෆිස් එක හොයාගෙන ගියා...

දොරට ක්නොක් කරලා ඇතුලට ගිහින් ප්‍රින්සිපල් එක්ක කතා කලා...

"Kim Yun ree...මං හිතනවා ඔයා ඉස්සෙල්ලා කොලේජ් එකේ වගේම මෙහෙත් හොදට ස්ටඩීස් කරගෙන...කොලේජ් එකට ගෞරවයක් වෙන විදිහට හැසිරෙයි කියලා..."

ප්‍රින්සිපල් සර් මගේ මූන දිහා බලලා කතා කරලා හිනා වුනා...

"දේ සර්"

මං හිනාවෙලා උත්තර දුන්නා....

ආයෙත් කවුරුහරි දොරට ක්නොක් කලා...

"May I Coming Sir..."

"ආහ්...Jungkook Coming"

ඒත් එක්කම ඇතුලට ආවේ ලස්සන හැන්ඩ්සම් බෝයි කෙනෙක්...

Dear Diaryna ️❤ ✔️Wo Geschichten leben. Entdecke jetzt