Dear Diaryna ❤ 20

390 55 1
                                    

After 8 years
Author POV

අවුරුදු 8ක්...
ලොකු කාලයක් ගත වුනා...

එදා සිද්ධියෙන් පස්සේ  මින්දොන්ග් ජීවිත කාලෙටම හිරේට නියම වුනේ එයා නිසා ගොඩක් මිනිස්සුන්ගේ ජීවිත නැති වුන නිසා...

තමන්ගේ අප්පගේ නැතිවෙච්ච එක ලීනාට හුගක් බලපෑවා...එයා මානසිකව ගොඩක් දුර්වල වුනා...ඒ නිසා සන්ග්මින් තීරණය කලා ලිනාව එයාගේ දුවෙක් හැටියට හදාගන්න...මොකද මින්සන්ග්ගේ එකම ඉල්ලීම වුනෙත් ඒකම නිසා...

කොහොමින් කොහොමහරි...ජන්ග්කුක් යුන්රී දෙන්නත්, ජිමින් මින්හි දෙන්නත්, ටේහ්‍යුන්ග් සාශා දෙන්නත් වගේම ටේමින් සෝහි දෙන්නත් එකතු වුනා...

(A/N : සෝහි මතකයිද ළමයි...අමතක නම් chapter 14 බලන්න...)

ජන්ග්කුක් එයාගේ අප්පගේ බිස්නස් භාර ගත්තා...යුන්රී, මින්හි දෙන්නා තවමත් වෛද්‍යවරියක් වෙන්න ඉගෙනගන්න ගමන්...ලීනා, සාශා, ටේමින් තුන්දෙනත් එයාලගේ family business භාරගත්තා...ටේහ්‍යුන්ග්, ජිමින් දෙන්නා නම් ලෝක ප්‍රසිද්ධ idolsලා..

===============

"අනී...ඔම්මා...අප්පා...මේ කොහෙද මේ යන්නේ... කියන්නකෝ..."

යුන්රී කාර් එකේ යන ගමන් නාහෙන් අඩන්න ගත්තා...

අද එයාගේ 25 වෙනි උපන්දිනේ...ඇත්තටම එයාගේ බර්ත්ඩේ එක කාටවත් මතක නැති බවක් තමා පේන්න තිබුණේ...ඔම්මා අප්පා ඇරෙන්න එයාගේ යාලුවෝ කවුරුත් තාම එයාට විශ් කලේ නෑ

"අයිගෝ...උරි ත්තල්...පොඩ්ඩක් ඉන්නකෝ...අපි ඔයාව එක්කන් යනකන්..."

"ආරස්සෝ..."

යුන්රීගේ ඔම්ම එහෙම කිව්වම යුන්රී මූනත් පුම්බගෙන අහක බලාගත්තා...

"මොකද ඉතින් ඔය මූන පුම්බගෙන...පොඩ්ඩක් ඉන්න ළමයෝ...තව ටික දුරයි...එතකොට සේරම ප්‍රශ්න විසදෙයි ඔයාගේ..."

"හරි හරි...අප්පා ඩ්‍රයිව් කරන්නකෝ..."

යුන්රීගේ අප්පා එහෙම කියලා ඩ්‍රයිව් කලා...

ටික වෙලාවක් යනකොට එයාලා තැනකට ආවා...ඒත් හැමතැනම කරුවලයි...දැන් ටිකක් රෑ වෙලත් නිසා කෑලි කපන්න පුලුවන් තරම් අදුරක් තිබ්බේ...

Dear Diaryna ️❤ ✔️Where stories live. Discover now